ලෝක උරුමයක් වූ සිංහරාජ වනාන්තරය සම්බන්ධයෙන් යුනෙස්කෝවේ අවධානය යොමුවේ
- RSL
- September 15, 2011
- Uncategorized
- යුනෙස්කෝ සංවිධාන, සිංහරාජ වනාන්තරය
- 0 Comments
සිංහරාජ වනාන්තරය දෙබෑ කරමින් මාර්ගයක් කැපීමට කටයුතු යෙදීම සම්බන්ධයෙන් වහා වාර්තාවක් ලබා දෙන ලෙස යුනෙස්කෝ සංවිධානයේ ලෝක උරුම මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවෙන් ඉල්ලා ඇත.
ලෝක උරුමයක්වූ සිංහ රාජ නිවර්තන වැසි වනාන්තරයට හානි වන අයුරින් මාර්ගයක් කැපීම පිළිබඳව සවිස්තර වාර්තාවක් ලබා දෙන්නැයි ඉල්ලා එම මධ්‍යස්ථානය පැරීසියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පසුගිය දා (12 සැප්.) ලිපියක් ලබාදී ඇති අතර, තානාපති කාර්යාලය විසින් එය ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශයට එවා ඇත.
විදේශ කටයුතු අමාත්‍යංශය විසින් මේවන විට එම ලිපිය පරිසර අමාත්‍යශය සහ ශ්‍රී ලංකාවේ යුනෙස්කෝ කාර්යාලය ඇතුළු අදාළ අංශ වෙත යොමු කොට ඇතැයි වාර්තා වේ.
සබැඳි පුවත්
ප්‍රෞඩ සිංහරාජය දෙකඩ වන ලකුණු