‘ග්ලැඩියේටර් පේ‍්‍රමය’ 14 දා ලුම්බිණියට
- RSL
- August 10, 2011
- Uncategorized
- 0 Comments
යොවුන් සම්මාන උළෙලේ සම්මාන් 7 ක් දිනා ගත් ‘ග්ලැඩියේටර් ප්‍රේමය’ නාට්‍යය ප්‍රථම වරට ලුම්බිණි රඟහලේදී ඉරිදා (14 අගෝ.) සවස 3.30 ට සහ 6.30 ට වේදිකා ගතවීමට නියමිතය.
ප්‍රසන්න මහගමගේ සහ නාමල් ජයසිංහගේ අධ්‍යක්‍ෂනයෙන් සහ නාමල් ජයසිංහගේ පිටපත් රචනයෙන් නිර්මාණය වූ ග්ලැඩියේටර් ප්‍රේමය’ සඳහා ප්‍රියන්ත සිරිකුමාර, විශ්වජිත් ගුණසේකර, ලක්මා වීරසේකර, හර්ෂ තෙන්නකෝන් වැනි ශිල්පීන් රංගනයෙන් දායක වේ.
2010 යොවුන් සම්මාන උළෙලේදී හොඳම නාට්‍ය, හොඳම පිටපත, හොඳම රංගනය (පිරිමි.) ප්‍රථම හා දෙවන ස්ථානය, හොඳම ආලෝකකරණය, වේදිකා පරිපාලනය සහ වේෂ නිරූපණය යනාදී සම්මාන මෙම නාට්‍යය විසින් හිමිකර ගන්නා ලදි.