ගෙදරට අවශ්‍ය පොල් තෙල් ටික ගෙදරදීම සිඳගන්න ‘අපේම නව නිපැයුමක්‘

Spread the love

මෙම  නිපැයුම්කරු ගෙන් මෙම අත්යන්ත්‍ර ලබාගැනීමට කැමැත්තක්  දක්වන අය වෙතොත් 070  460 13 88  / 0 7 1 28  59 568   / 070  460  13 91 යන අංකවලට ඇමතීය හැකිය.

වස විෂ  වලින් තොරව තම නිවස තුළදීම නිවසේ අවශ්‍ය පොල්තෙල් සිඳගන්නා අත් යන්ත්‍රයක් නිෂ්පාදනය කිරීමට දේශීය නව නිපැයුම්කරුවෙකුට  හැකි වී තිබේ.

කැකිරාව ගල්කිරියාගම ප්‍රදේශයේ පදිංචි රාජ්‍ය සේවකයකු  වන වයි. එල්. චන්දන  සේනානායක නම් නව නිපැයුම්කරු විසින් මෙම අත්යන්ත්‍ර සුදු යකඩ උපයෝගී කරගෙන නිපදවා තිබේ.

ප්‍රදේශයේ ස්වාමීන් වහන්සේ නමකගේ ඉල්ලීමක් අනුව මෙම පොල්තෙල් සිදින කුඩා අත් යන්ත්‍රය නිපද වූ බව ඔහු පැවසීය.

මේ වනවිටත් සේවකයින් 18 දෙනකු පමණ යොදවා ගෙන ඔහු සිය නිවස තුළම පොල් තෙල් සිදින කුඩා අත් යන්ත්‍ර වර්ග දෙකක් නිෂ්පාදනය කරමින් සිටී.

චන්දන සේනානායක මහතා කියා සිටියේ වසර ගණනාවක් නිවසක පාවිච්චි කළ හැකි අනර්ඝ තත්ත්වයේ පවතින පොල්තෙල් සිදින අත් යන්ත්‍රයක් රුපියල් 6875ක පමණ මුදලක ද  සාමාන්‍ය නිවසක පාවිච්චිය සඳහා නිපදවා ඇති නිමවුමක් රුපියල් 2875ක මුදලකට  ද  ලබා දීමට තමාට හැකියාව පවතින බව යි.

මෙම නව නිර්මාණය මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීමට හැකි නම් අමුද්‍රව්‍ය තොග මිලදී ගැනීමට හැකි බවත් එවිට මිට වඩා අඩු  මිලකට මේ උපකරණය ජනතාවට ලබාදීමට හැකි බවද ඔහු පැවසීය.

‘‘අපේ රටේ නව නිර්මාණකරන අයට කිසිම රජයකින් හෝ ආයතනයකින් උදව් කිරීමක්, මගපෙන්වීමක් සිදුවන්නේ නැහැ. ඒ නිසා නව නිර්මාණකරුවන්ට තමන්ගේ පුද්ගලික මුදලින් තමයි මේ සියල්ල කිරීමට සිදුවන්නේ. එවැනි තත්ත්වයක් යටතේ අපිට සිදුවන්නේ වෙළෙදපොළ මිල ගණන් යටතේ අමුද්‍රව්‍ය මිලට ගන්න. ඒවට නිසි මිල පාලනයක් නැති නිසා තත්ත්වය තවත් අසීරු වෙනවා. ඒ නිසා අපේ නිෂ්පාදනවල තත්ත්වය කොපමණ උසස් වුණත් මිල ඉහළ නිසා ගැටලු ඇති වෙනවා‘ චන්දන සේනානායක මහතා පැවසුවේය.

‘‘නව නිපැයුම්කරුවන්ට උදව් කිරීම සදහා රාජ්‍ය ආයතන ගණනාවකට අතිවිශාල මුදලක් වෙන් කර තිබෙනවා. ඒ ආයතන  මෙවැනි දේ සදහා උදව් කරන්නේනම් මෙම කුඩා පොල් තෙල් සිදින යන්ත්‍රය සෑම නිවසකටම ඉතා අඩු මුදලකට ලබා දීමටත් විදේශීය රටවල අවශ්‍යතාවය සඳහා ලබා දීමටත් හැකියි ‘‘ චන්දන මහතා අධිෂ්ඨාන පූර්වකව සඳහන් කළේය.

්‍ර

මෙම නව නිපැයුමක් වන  පොල්තෙල් සිදින අත් යන්ත්‍රයේ නිෂ්පාදන හිමිකාරීත්වය තමා සතු වීම තවත් සුවිශේෂී කරුණක් බව නව නිපැයුම්කරු චන්දන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

නිෂ්පාදනය කරමින් සිටී  කුඩා අත් යන්ත්‍රය ගසක සවිකොට එම් අවස්ථාවේම පොල් තෙල් සිඳ පෙන්වීම්ට ඔහු  ඉදිරිපත් වූ අතර නිවසක   සාමාන්‍ය පොල් ගාන අත් යන්ත්‍රයක් මෙන්  ක්‍රියාත්මක කිරීමට හැකි බවත්  තමන්ගේ  නිවසේ අවශ්‍ය පොල් තෙල් ටික කිසිදු රත් කිරීමකින් තොරව සෞඛ්‍යාරක්ෂිතව නිවස තුළම විනාඩි කිහිපයකින් නිපදවා ගැනීමට මෙමගින්  හැකියාව පවතින බව ඔහු පෙන්වා දුන්නේය .

මෙම  නිපැයුම්කරු ගෙන් මෙම අත්යන්ත්‍ර ලබාගැනීමට කැමැත්තක්  දක්වන අය වෙතොත් 070  460 13 88  / 0 7 1 28  59 568   / 070  460  13 91 යන අංකවලට ඇමතීය හැකිය.

සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස – දඹුල්ල

Related Posts