ගෝඨා සමඟ දේශපාලන පක්ෂ සහ සංවිධාන 17ක් සන්ධාන ගත වෙද්දී, සජිත් සමඟ පක්ෂ සහ සංවිධාන 63ක් සන්ධාගත වෙයි; මිනීමෝරට උගේ උන් මිස අන් අය නොමැති බව හෙළිවෙයි!

Spread the love

රාජපක්ෂවරුන්ගේ පවුලේ පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට දැඩි පරිශ්‍රමයක් දරා සන්ධාන ගත කරගැනීමට හැකිවූයේ දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන 17කි. එහෙත් අද එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සමඟ මෙරට දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන 63ක් ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් සන්ධාගත වීම ඓතිහාසික සිදුවීමකි.

මිනීමරු, මිනී මෝර ගෝඨා ලෙස ජනතාව අතර කුප්‍රකට ගෝඨාභය රාජපක්ෂ සමඟ මෙරට දේශපාලන පක්ෂ හෝ සිවිල් සංවිධාන දක්වන අකමැත්ත සහ භීතිය මෙතුලින් මනාව විද්‍යාමාන වේ.

රාජපක්ෂ රෙජීමයේ ගෙවී ගිය දස වසර තුල මිනීමරු ගහල ගෝඨා විසින් සිදුකරගෙන ගිය අමන, අපත වැඩ සහ ඝාතන මෙරට රාජපක්ෂවරුන්ගේ වහලුන් සහ බත්බැලයින් නොවන සැමට අදටත් එක ලෙස මතක බවට මෙය කදිම සාක්ෂියකි.

ජනාධිපති සජිත් ප්‍රේමදාස සමඟ සන්ධානය සඳහා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පක්ෂ 32 ක් සහ සිවිල් සංවිධාන 31 ක් නව සන්ධානයේ මහ ලේකම් රාජිත සේනාරත්න මහතා ඉදිරියේ ගිවිසුමට අස්සන් තැබීම සිදුකළේය.

ඒ අතරට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ විකල්ප කණ්ඩායමක් ලෙස චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු විශාල පිරිසක්ද එක්ව සිටීම කැපී පෙනුනි.

සජීවී – නව දේශයක දේශපාලන ගිවිසුම ජනගත කිරීම.

Posted by Sajith Premadasa on Thursday, October 31, 2019

RSL

Related Posts