52 වැනි ජාතික අලුත් සහල් මංගල්‍යය (වීඩියෝ)
- RSL
- April 8, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- President Maithripala Sirisena, Prime Minister Ranil Wickramasinghe
- 0 Comments
52 වැනි ජාතික අලුත් සහල් මංගල්‍යය අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිදුන් අභියසදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) පෙරවරුවේ පැවැත් විය.
සාම්ප්‍රදායිකව වාර්ෂික මාස් කන්නයේ නෙලාගත් අස්වැන්නේ නොයිඳුල් සහල් ජය ශ්‍රී මහා බෝ සමිදුන් වෙත පිදීම මෙහිදී සිදු කෙරෙයි.
ජාතික අලුත් සහල් මංගල්‍ය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිදුන් අභියසදී අද උදෑසන ආරම්භ කෙරුණේය. මෙවර එය පැවැත්වෙන්නේ 52 වැනි වරටයි.
මාස්කන්නයේ නෙළා ගත් අස්වැන්නේ නොයිදුල් සහල් ජය ශ්‍රී මහා බෝ සමිදුන් වෙත පිදීම සදහා රැගෙන එනු ලැබූවේ විශේෂ පෙරහැරකිනි.
අනතුරුව ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා පැමිණ නොයිදුල් සහල් ජය ශ්‍රී මහා බෝ සමිදුන් වෙත පූජා කිරීම සිදු කරනු ලැබූවේය.

