
22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂයක් ලෙස සහයෝගය ලබාදිය නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් පවසනවා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සහ ජනාධිපතිවරයා අතර පැවති හමුවකදී සාගර කාරියවසම් සඳහන් කර ඇත්තේ, 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අඩංගු ඇතැම් කරුණු හේතුවෙන් සහයෝගය ලබාදිය නොහැකි බවත්, 22 වන සංශෝධනය මුල් කරගනිමින් මන්ත්‍රීවරුන් අතර ගැටලුවක් ඇති වී 10 ක් විපක්ෂයට ගියහොත් අයවැයද පරාජය විය හැකි බවයි.
එහිදී දෙවනවර කියවීමේ ඡන්ද විමසීමේදී 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ලබාදී කාරක සභා අවස්ථාවේදී කැමති සංශෝධනයක් ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.