2020 සඳහා වන අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් ජාතිය වෙනුවෙන් සුබ ආරංචි රාශියක් ගෙන ඒමට නියමිතයි

Spread the love
"2015 අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දක්වා ඇති අපේක්ෂිත යහපාලනය, පැවති යම් යම් අඩුපාඩු හේතුවෙන් සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට අපහසු වුණා. අපහැදිලි දෘෂ්ටි කෝණයකින් රටේ ප්‍රගතිය සීමා වුවද, ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් ගත් ධනාත්මක පියවරයන් අගය කළ යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදය යනු යහපාලනයේ ජීව රුධිරයයි. ආර්ථික දෘෂ්ටි කෝණයකින් යහපාලනයේ ප්‍රතිපල අපට සම්පූර්ණයෙන් අත්කර ගැනීමට නොහැකි වූ හෙයින්, ඊළඟ වාරය තුළ අපේම ජනාධිපතිවරයෙක් සහිත අපේම ආණ්ඩුවක් තුළින් එසේ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. 2020 සඳහා වන අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් ජාතිය වෙනුවෙන් සුබ ආරංචි රාශියක් ගෙන ඒමට නියමිතයි. එම ප්‍රතිපත්ති ප්‍රකාශය යහපත් හෙට දවසක් සඳහා ජාතියේ හැරවුම් ලක්ෂයක් වනු ඇති බව  විශ්වාසයි. නොවැම්බර් 17 වනදා සිට අප ගමන් කරන ආර්ථික සමෘද්ධිය සඳහා මාවත එයයි" යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. 
අමාත්‍යවරයා මෙම අදහස් පළකලේ, ඊයේ (16) නෙළුම් පොකුණ, මහින්ද රාජපක්ෂ ශාලාවේ පැවති මෙට්‍රෝපොලිටන් විද්‍යාලයේ උපාධි ප්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වහයෙන් සහභාගි වෙමිනි. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා,

” මෙට්‍රොපොලිටන් විද්‍යාලයේ තේමා පාඨය වන“ඔබේ සාර්ථකත්වය, අපගේ ජයග්‍රහණය” මට පාලන ක්ෂේත්‍රයට පිවිසීමට කදිම පසුබිමක් සපයය.  ශාස්ත්‍රීය ව්‍යවසායක් සමඟ සම්බන්ධ වීම ඇත්තෙන්ම සතුටක් හා වරප්‍රසාදයක් වන අතර උපාධි ප්‍රදානෝත්සවයක් ඔවුන්ගේ නොපසුබට උත්සාහය, කැපවීම සහ වෙහෙස මහන්සි වී සම්පූර්ණ ප්‍රතිලාභ ලබා ගැනීමේ එළිපත්තෙහි සිටින උපාධි අපේක්ෂකයින්ගේ කණ්ඩායමට උච්චතම අවස්ථාවක් ලෙස හැඳින්විය හැකිය.තෘතීයික අධ්‍යාපනය යනු ශාස්ත්‍රීය විශිෂ්ටත්වය සෙවීමේ වැදගත් අංගයක් වන අතර එවැනි උත්සාහයක් තුළින් පුද්ගලයෙකුට ඇති ප්‍රතිලාභය සිතාගත නොහැකි තරම් ය. අද දින උපාධි ලබා ඇති උපාධිධාරීන්ට මාගේ හෘදයාංගම සුබ පැතුම් පිරිනමන අතර, මෙතැන් සිට ඔබේ පෞද්ගලික අරමුණු තවදුරටත් ඉදිරියට ගෙනයාමට පමණක් නොව, අභිමානයෙන් යුතුව ජාතියට සේවය කිරීමට ඔබම අධිෂ්ඨාන කර ගන්න.

තෘතීයික අධ්‍යාපනය සඳහා වන විකල්පයන් තරමක් සීමිත රටක සභාපතිවරයා සහ ඔහුගේ දක්ෂ කණ්ඩායම් සාමාජිකයින් 1999 දී මෙට්‍රොපොලිටන් විද්‍යාලය පිහිටුවීමට සහ අධ්‍යයන ව්‍යවසායයේ නව දර්ශන සොයා ගැනීමට හොඳින් කටයුතු කර ඇත. ඉහළ මට්ටමේ ඉගෙනුම් අවස්ථා ලබා දීමේදී විදේශීය විශ්ව විද්‍යාල සමඟ අවශ්‍ය අනුබද්ධතා සහ ප්‍රතිපත්තීන් සමඟ මෙට්‍රොපොලිටන් විද්‍යාලය මව්බිමට සේවය කර ඇත. උපාධි අපේක්ෂකයෙක් සඳහා ලබා ගත හැකි උපාධි කාණ්ඩ කළමනාකරණය,  මනෝ විද්‍යාව, සමාජ විද්‍යාව, භාෂා සහ තොරතුරු තාක්ෂණය ආදී විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ විහිදී ඇත.

ඔබගේ ගෞරවනීය ආයතනයේ මෙහෙවර හා දැක්ම ජාතියේ ප්‍රගතිය සඳහා නිවැරදි දායකත්වයක් ලබා දීමේදී ජාතියට සේවය කිරීම සඳහා පරිපූර්ණ පුරවැසියෙකු නිර්මාණය කිරීම සඳහා කදිම රාමුවක් සපයයි. ඔබගේ ඩිප්ලෝමා ශ්‍රී ලංකාවේ තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව සහ එක්සත් රාජධානියේ ඒ හා සමාන නියාමන ආයතනය විසින් පිළිගෙන ඇති අතර ඔබේ උපාධි පාඨමාලා සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගැනීමක් ලැබීම සතුටට කරුණකි.

 
අද උපාධිය ලබා ගන්නා උපාධිධාරීන් යටතේ නැවත මෙවැනි තේජාන්විත දිනයකට පැමිණීමට මට අවස්ථාව සලසාදෙනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. ඔබට සාර්ථක අනාගතයක් ලැබේවා, ඔබගේ සියලු සිහින හා අභිලාෂයන් සෑම විටම උපරිම ලෙස ඉටු වේවා. ශාස්ත්‍රීය විශිෂ්ටත්වය කරා ළඟාවීම සැබවින්ම දුෂ්කර කාර්යයක් වන අතර ඔබ අද එම දුෂ්කර කාර්යය ජයගෙන ඇත. නමුත් තවත් අභියෝග රාශියක් ඇති බවත්, එම අභියෝග ජයගෙන ඉදිරි සන්ධිස්ථාන කරා ළඟා විය යුතු බවත් මතක තබා ගන්න" යැයි පැවසීය. 

RSL

Related Posts