2013 පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව ශ්‍රී ලංකාවේදී
- RSL
- October 31, 2011
- Uncategorized
- 0 Comments
ඕස්ටේ්රලියාවේ පර්ත් නුවර සම්මන්ත්රණ හා ප්‍රදර්ශන සංකීර්ණ මධ්‍යස්ථානයේ දී පැවැත්වුණු පොදු රාජ්‍ය මණ්ඩලීය 22 වැනි රාජ්‍ය නායක සමුළුව ඊයේ (30 ඔක්.) සාර්ථක ව නිමාවට පත් වූ අතර මීළඟ සමුළුව 2013 දී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට එහි දී යළිත් ප්‍රතිඥා දෙනු ලැබීය.
එම සමුළුවේදී මීළඟ සමුළුව වසර 2013 දී ශ්‍රී ලංකාවේ දීත් 2015 දී මෞරිෂියස් රාජ්‍යයේ දීත් පැවැත්වීමටත් 2019 දී මැලේසියාවේ පවත්වන ලෙස කරන ලද ඉල්ලීම සලකා බැලීමටත් තීරණය කර ඇත.
පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම්වරයා ලෙස 2012 සිට තවත් සිවුවසරකට යළිත් කමලේෂ් ෂර්මා මහතාව ම යළි පත් කර ගැනිණි.
මෙවර රාජ්‍ය නායක සමුළුව ජාතික හා ගෝලීය යළි පිබිදීම තේමා කර ගනිමින් පැවැත්විණි.
බි්රතාන්යයේ දෙවැනි එලිසබෙත් රැුජණගේ ප්‍රධානත්වයෙන් පසුගිය 28 වැනිදා බටහිර ඕස්ටේ්රලියාවේ පර්ත් නුවර සම්මේලන හා ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ දී මෙවර සමුළුව ආරම්භ කෙරුණි.
දින තුනක් පුරා විවිධ තේමාවන් සාකච්ඡුා කිරීමට රැස් වූ රටවල් 54ක රාජ්‍ය නායකයෝ ඊයේ දිනයේදී 22 වැනි සමුළුව නිමා කළ සමාප්ත උත්සවයට එක් ව සිටියහ.
සාමාජික රටවල අවශ්‍යතාවන් පදනම් කර ගනිමින් වඩාත් ඵලදායී ආයතනයක් ලෙස පොදු රාජ්‍ය මණ්ඩලය ප්‍රතිසංස්කරණය කිරීමට මෙම සමුළුවේ දී එකඟ වී තිබේ.
ඕස්ටේ්රලියා අග්‍රාමාත්‍ය ජූලියා ගිලාඞ් මහත්මිය අවසන් සැසිවාරය අමතන අන්දම සහ එයට එක් වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඡායාරූපවල දැක්වේ.