2012 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ නිලධාරීන් පත් කෙරේ

Spread the love

ලබන වසරේදි ශ්‍රී ලංකාවේදි පැවැත්වෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සංවිධාන කටයුතු සඳහා නිලධාරීන් පත් කිරීම මේ වන විට සිදු කර ඇතැයි වාර්තා වේ.
තරඟාවලියෙහි අධ්‍යක්ෂ ලෙස උපේකා අබේකෝන් නෙල් මහත්මිය පත්කර ඇති අතර, කාර්ය සම්පාදන ප්‍රධානීයා ලෙස හිටපු එයාර් වයිස් මාර්ෂල් ශ්‍රියාන් සමරරත්න පත්කර ඇත.
පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය වෙනුවෙන් සිදුකළ මෙම පත්කිරීම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයකනය ඊයේ (04 ඔක්.) නිල වශයෙන් නිවේදනය කළේය.
පෞද්ගලික අංශයේ තනතුරු රැසක් දරා ඇති උපේඛා නෙල් මහත්මිය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ තනතුරක් හොබවන පළමු අවස්ථාව මෙය වන අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හිටපු කාර්යය සම්පාදන ප්‍රධානියෙකුවන එයාර් වයිස් මාර්ෂල් ශ්‍රීයාන් සමරරත්න මෙරටදී පැවති වයස 19න් පහළ ලෝක කුසලාන තරඟාවලියේදී ද මෙම ධූරයේ කටයුතු කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයට අනුව ලබන වසරේ සැප්තැම්බර් මාසයේ ආරම්භවන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය වෙනුවෙන් මෙරට කාර්යාලයේ රාජකාරි කටයුතු පසුගිය දා සිට ආරම්භ වී තිබේ.

RSL

Related Posts