අතිගරු ජනාධිපතිතුමා ලෝකයත් එක්ක අභීතව ක්‍රියාකරනවා – අගමැති
- RSL
- September 20, 2011
- Uncategorized
- දි.මු. ජයරත්න
- 0 Comments
අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හෙක්ටර් කොබ්බෑකඩුව මහතාගේ ගුණානුස්මරණ උත්සවයක් අද (20 සැප්.) පෙරවරුවේ කොළඹදී පැවැත්විය.
හෙක්ටර් කොබ්බෑකඩුව මහතාගේ 28 වැනි ගුණානුස්මරණ කරනු ලබන අද දිනයේ පැවති උත්සවයට අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
මෙහිදී අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසීය.
“ශ්‍රී ලංකාවේ 5දෙනෙක් කොඩියක් ගෙනාවා. ඔවුන් මැරුවා කියලා කිව්වා. ඉතින් මැරුවා කියන එක කියන්න හොද නෑ මේ මාධ්‍ය මහත්වරුන් ඉන්දෙද්දී කියන්න හොද නැහැ. නැත්නම් ඉතින් මොකක්ද කරන්න තියෙන්නේ, තිස් අවුරුද්දක් අපි කොච්චර මැරුවද ඒ වාගේ තත්ත්වයක් ඇති කරාපු එක ලෝකයේ කියනවා. මුන් 5දෙනා පරිස්සම් කළේ නැහැ. කියලා ඔය කියන මිනිස්සු මේ දවස්වල මේ හරියේ හිටියා නම් මොකක් වෙනවද? ඒ හින්දා අපි බොහොම කල්පනාකාරී වෙන්න ඕනේ, අතිගරු ජනාධිපතිතුමා ලෝකයත් එක්ක අභිතව ක්‍රියා කරමින් මම හිතන්නේ, හෙට අනිද්දාට බෙහෝම පැහැදිලි ප්‍රකාශයක් කරනවා. යු.එන්. එකේ එක්සත් ජාතීන්ගේ සම්මේලනයේ එතුමා”