10%ක ජල ගාස්තු වට්ටමත් අත්හිටුවයි

Spread the love

ජල ඒකක 25 ට අඩුවෙන් පාරිභෝජනය කරන පාරිභෝගිකයන්ට ලබාදුන් 10%ක වට්ටම මෙම මස (ජනවාරි) සිට අත්හිටුවා ඇතැයි ජාතික ජල සම්පාදනය හා ජලාපවාහන මණ්ඩලයේ උසස් නිලධාරියෙක් මාධ්‍ය හමුවේ පවසා තිබෙනවා.

මේ ගැන වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ අදාළ නිලධාරියා මෙසේ ද පැවසුවා. ‘ ඒකක 25ට අඩුවෙන් පාරිභෝජනය කරන ජල පාරිභෝගිකයින්ට 2012 සිට 10%ක වට්ටමක් ලබාදී තිබෙනවා. වර්තමාන තත්ත්වය මත අදාළ වට්ටම තව දුරටත් දිය නොහැකි නිසා එය අත්හිටුවීමට අප තීරණය කළා. ජලසම්පාදන මණ්ඩලයට තව දුරටත් ජනතාවට සහන ලබාදීමේ හැකියාවක් නැහැ‘

Related Posts