හෙද නිලධාරීන්ගේ සංගමය පමණක් වර්ජනයෙන් ඉවත්වෙයි

Spread the love

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කරමින් තිබූ වැඩවර්ජනයට එරෙහිව නිකුත් කර ඇති අධිකරණ නියෝගය හේතුවෙන් වර්ජනය අත්හිටුවු බවත් සෙසු වෘත්තීය සමිති අඛණ්ඩ වර්ජනයේ නිරත වන බවත් රජයේ හෙද ධාරීන්ගේ සංගමය සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසයි.

මේ අතර විදුලිබල සැපයුම, රෝහල්වල සාත්තු නිවාසවල හෝ ඊට සමාන ආයතන වල  රෝගී නඩත්තුව, පෝෂණය කිරීම රැක බලා ගැනීම  යනාදී කටයුතු අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා විසින් ඊයේ (11)  විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ ඇත

Related Posts