හැට පැනපු කොලොන්නාවේ බැනට් කුරේ පොහොට්ටු පුප්පන්න හේතුව සෝලංග හෙළිකරයි…

Spread the love

හිටපු ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන නාවලගේ බැනට් කුරේ වර්තමානයේ කවදාවත් පිපෙන්නේ නැති පොහොට්ටුව පස්සේ යන්නේ ඇයි? ඊයේ මුල්ලේරියාවේ පැවති ජනහමුවක් අමතමින් ප්‍රසන්න සෝලංගආරච්චි පල කල අදහස් මෙන්න…

ජනාධිපතිවරණය දිනුවට පස්සේ ඔය නාවලගේ බැනට් කුරේ ආවා මාව හම්බවෙන්න.. අනේ පුතේ මම දැන් වයසයි.. මට තවදුරටත් දේශපාලනය කරන්න අමාරුයි. අපි දැන් අයින් වෙන්න ඕනේ කාලේ.. පුතා තමයි දැන් සංවිධායකකමට හොදටම ගැලපෙන්නේ. මම ලෑස්තියි පුතාට උදවු කරන්න. .පුතාට පුලුවන්ද මට ජපාන තානාපතිකම අරන් දෙන්න..

ජනාධිපතිතුමා මට හිතවත් නිසා මම එක්කගෙන ගිය බැනට් කුරේව ජනාධිපතිතුමාව හම්බවෙන්න.. එතනදී ජනාධිපතිතුමා ඔහුට සංස්ථා සභාපතිකමක් දුන්නා.. දීලා ඉවරවෙලා කිවුවා සෝලංගට උදවු කරන්න කියලා. එත් මෙයා මොකද කලේ? පහුගිය මැතිවරණයේදී මෙයා කඩේ ගියේ දිනේෂ් ගුණවර්ධනට.. උදය ගම්මන්පිලට.. විමල් වීරවංසට.. උන් නිදහස් පක්ෂේද? නෑ.. මොකක්ද මේ දේශපාලනය? දෙබිඩ්ඩෝ වගේ වැඩ කරලා අන්තිමට පස්ස බිම ඇනුනට පස්සේ දැන් යනවා පොහොට්ටු පුප්පන්න..

බැනට් කුරේට අමතක වෙලා එයාව කනින් අල්ලලා දොට්ට දැම්මේ මහින්ද කියලා.. අද ඔය කඩේ යන්නේ එයාලගේ පුද්ගලික අවශ්‍යතා වෙනුවෙන්. අපේ මිනිස්සු ඒවාට රැවටෙනවා.. මම අභියෝග කරනවා මේ කියන ඒවා බොරුනම් බැනට් කුරේ මහත්තයෝ එන්න විවාදෙකට.. පුලුවන්නම් එන්න… අපි ලෑස්තියි ඔක්කොම එලි කරන්න…

Related Posts