හම්බන්තොට වරාය ගිවිසුම වෙනස් කරන්නත් පුළුවන්-වරාය හා නාවුක ඇමති- මහින්ද

Spread the love

හම්බන්තොට වරාය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය චීන සමාගමක් සමඟ එලබ ගත් ගිවිසුම මුල් කොට විපක්ෂය දේශපාලන වාසි තකා නොයෙකුත් ගජබින්න නිර්මාණය කරමින් සිටියත් ඒ කිසිවක සත්‍යතාවක් නැතැයි වරාය හා නාවුක අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා කියයි.

මේ ගිවිසුම තුළින් රටට මහත් විපක්තියක් සිදු වන බවට විපක්ෂය චෝදනා නැඟතත් එහි 58වන පරිඡේදයේ ඇති එක් වගන්තියකට අනුව මෙම ගිවිසුම අනාගතයේ අවශ්‍ය පරිදි සංශෝධනය කිරීමට ද හැකි බව පැවසූ අමාත්‍යවරයා එය ජනාධිපතිවරයාගේ නියමයෙන් ගිවිසුමට එක් කළ වගන්තියක් බවද කීය. එවන් තත්වයක් යටතේ මෙය රට පාවා දීමක් වන්නේ කෙසේ දැයි ඇමතිවරයා ප්‍රශ්න කළේය.

මේ අතර හික්කඩුව පැවැති උත්සවයකදී මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ ජනාධිපතිවරයාගේ පාලන සමයේ ශ්‍රී ලංකාවේ එක් බිම් අඟලක්වත් කිසිදු රටකට විකිණීමට කිසිදු ලෙසකින් කටයුතු නොකරන අතර විදේශ ආයෝජන රටට ගෙන්වා ගැනීම ඉඩම් විකිණීමක් ලෙස පැවසීම ඉතා සාවද්‍ය හා විකෘති අර්ථ කථනයක් බවයි.

RSL

Related Posts