අවම වශයෙන් පුද්ගලයන් 100 දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් සෝමාලියාවේ මොගඩිෂු අගනුවර වෙත ත්‍රස්තවාදී ප්‍රහායක් එල්ල විය. මොගඩිෂු අගනුවර දෙදරුම් කෑ මෙම ප්‍රහාරය ඉන්දියාව දැඩි ලෙස හෙළා දැක ඇත. එම ප්‍රකාශයේ සඳහන් වූයේ ත්‍රස්තවාදයට එරෙහි සටනේ දී අධිෂ්ඨානශීලීව සහ එක්සත්ව ප්‍රතිචාර දක්වන ලෙස ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේය.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ 2022 ඔක්තෝබර් 29 වන දින අහිංසක ජීවිත ගණනාවක් බිලිගත් මොගඩිෂු ත්‍රස්ත ප්‍රහාරය ඉන්දියාව දැඩි ලෙස හෙළා දකින බවයි. එහි වැඩිදුරටත් සඳහන් වූයේ විපතට පත් වූවන්ගේ පවුල්වලට හෘදයාංගම ශෝකය ප්‍රකාශ කරන අතර ද්විත්ව පිපිරීම් වලින් තුවාල ලැබූවන්ට ඉන්දියාව ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවයි.

මෙම ප්‍රහාරය ජාත්‍යන්තර ප්‍රජාවට සිහිගන්වනුයේ ත්‍රස්තවාදයට එරෙහිව සටන් වැදීමට සියළු දෙනා අධිෂ්ඨානශීලීව එකමුතු වන ලෙසයි යැයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

සෙනසුරාදා, සෝමාලියාවේ මොගඩිෂු අගනුවර අධ්‍යාපන අමාත්‍යාංශය ආසන්නයේ වාහන බෝම්බ දෙකක් පුපුරා ගිය අතර, 100 දෙනෙකු පමණ මිය ගිය අතර තවත් 300 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බව ප්‍රවෘත්ති වාර්තා පවසයි.

අගනුවර ජනප්‍රිය මංසන්ධියක අධ්‍යාපන අමාත්‍යාංශය ආසන්නයේ වාහන බෝම්බ දෙක පුපුරුවා හැර තිබේ.

සෝමාලියාවේ ජනාධිපති හසන් ෂෙයික් මොහොමඩ් සිය නිල ට්විටර් ගිණුමේ වීඩියෝ පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ නගරයට නිතර ප්‍රහාර එල්ල කරන අල්-කයිඩාවට සම්බන්ධ අල්-ෂබාබ් ත්‍රස්ත සංවිධානය මෙම බිහිසුණු ප්‍රහාරයට වගකිව යුතු බවයි.

සාපරාධී අල්-ෂබාබ් කණ්ඩායම විසින් අහිංසක මිනිසුන්ට එල්ල කරන කුරිරු සහ බියගුලු ත්‍රස්තවාදී ප්‍රහාර මගින් සෝමාලියාව අධෛර්යමත් කළ නොහැකි බවත් මෙය ත්‍රස්තවාදය පරාජය කිරීමේ අධිෂ්ඨානය තවදුරටත් ශක්තිමත් කරන බවත් සෝමාලියානු ජනාධිපති මොහොමඩ් ට්විටර් සටහනක් තබමින් පැවසීය.

විදේශීය මාධ්‍ය වාර්තා කරන පරිදි, මෙම ප්‍රහාරයේ වගකීම ත්‍රස්තවාදී සංවිධානයක් වන අල්-ෂබාබ් ප්‍රහාරවල වගකීම භාරගෙන ඇත.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්