`සුනාමි සල්ලි මිලියන තුන්සියයක් හොරකම් කරලා අක්කගේ ගිණුමට දාගත්තේ කවුද? – ජෙනරාල් සරත් ෆොන්සේකා
- RSL
- August 22, 2011
- Uncategorized
- Genaral Sarath Fonseka
- 0 Comments
හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ උරහිසේ මතුව ඇති ආබාධයකට ප්රතිකාර ලබාගැනීම සඳහා ඊයේ (21 අගෝ.) දිනයේදී කොළඹ පෞද්ගලික රෝහලකට රැගෙන අවස්ථාවේදී ඔහු පැවසුවේ 2005 ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු විසින් එල්.ටී.ටී. සංවිධානයට මිලියන 200 ක් ලබාදුන් බවත් එල්.ටී.ටී. ඒ වෙනුවට දමිළ ජනයාගේ ඡ්න්දය වැළක්වූ බවත්ය.
එම අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන්ගේ බාධාකිරීම් මැද ඒ මහතා මෙසේ පැවසීය.
“2005 ජනාධිපතිවරණයේදි එල්.ටී.ටී.ඊ. එකට මිලියන දෙසීයක් දුන්නා දෙමළ ජනතාවට ඡන්දය දාන එක නවත්වන්න. ඒක නවත්වලා ඉවරවෙලා, ඒ සල්ලිවලින් එල්.ටී.ටී.ඊ. එක මුහුදු කොටින්ට බෝට්ටු ගත්තා. කවුද මේවා කරේ? සුනාමි සල්ලි මිලියන තුන්සියයක් හොරකම් කරලා අක්කගේ ගිණුමට දාගත්තේ කවුද? ජනතාව මේවා සොයලා විස්තර සොයාගන්න… ජයවේවා..!”