සුදුසුකම් ලැබූ පොලිස් පරීක්ෂකවරු 209කට ASP තනතුරු

Spread the love

මෙම මාසය අවසන් වන විට සුදුසුකම් ලැබූ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 209 දෙනෙක සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස් කිරීමට සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට බලාපොරොත්තු වන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා කළුතර  ශ්‍රී මුණසිංහ බෝධිරාජ විහාරස්ථානයේ පැවැති උත්සවයකදී පැවසීය.

පොලිසියේ මූලික වශයෙන් විසදිය යුතු ගැටලු කීපයක් හඳුනාගෙන තිබෙන බවත්. ඉන් එක් ප්‍රධාන ප්‍රශ්නයක් ලෙස උසස්වීම් සම්බන්ධ ගැටලුව හදුනාගෙන ඇති අතර නිසි ක්‍රමවේදයක් නොමැති නිසා වසර ගණනාවක් තිස්සේ පොලිස් නිලධාරීන් හට උසස්වීම් ලැබී නැති නිසා ඔවුන් මානසික පීඩාවට ලක් වී ඇති බව අමාත්‍යවරයා විසින් පැවසීය ඒම නිසා පොලිස් පරීක්ෂකවරුන් හැට තුන් දෙනෙක් පමණක් සහකාර පොලිස් අධිකාරී නිලයට පත් කරන්න තීරණය වෙලා තිබුනත් තමා අතිගරු ජනාධිපතිතුමා සමග සාකචිඡා කර ඒ සංඛ්‍යාව 209 දක්වා ඉහලට දාගත් බව සරත් වීරසේකර අමාත්‍යවරයා පැවසීය.

එසේම පොලිස් නිලධාරීන්ගේ ආහාර දීමනාව ලබා දීමට ද කටයුතු කරන බව  පැවසීය. 

ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස සැලකෙන සමහර මුස්ලිම් කාන්තාවන් විසින් පළඳන මුහුණු ආවරණ තහනම්  කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවට අත්සන් කළ බවද පැවසීය.

එසේම නිසි ක්‍රමවේදයකින් තොරව ලංකාව තුළ ස්ථාපනය කර ඇති මද්රසා පාසල් තහනම් කිරීමටද කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර  මහතා පැවසීය 

Related Posts