සිසු සිසුවියන්ගේ සහ ගුරුවරුන්ගේ පැමිණීම ඉතා ඉහළයි

Spread the love

දිවයින පුරා පාසල්වලවල 10, 11 ,12 සහ 13 වසර වල අධ්‍යාපනය ලබන පාසල් ළමුන් සඳහා පාසල් විවෘත කිරීම්ත් සමග ගලේවෙල  අධ්‍යාපන කලාපයේ දරුවන් මෙන්ම ගුරුවරුන්ගේ පැමිණීම ඉහළ ප්‍රවණතාවයක් ඇතැයි කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

ඒ අනුව ගලේවෙල, දඹුල්ල, සීගිරිය ආදී  කොට්ඨාස වල  සෑම විද්‍යාලයකම  අධ්‍යාපන  කටයුතු සඳහා ආරම්භ කෙරුණු පාසල් දරුවන් විශාල වශයෙන් පැමිණ ඇතැයි එහි විදුහල්පති වරු පවසති.

දඹුල්ල ජාතික පාසලේ දරුවන්ගේ පැමිණීම ද ඉහළ අගයක් ගෙන ඇතැයි එහි ගුරුවරුන් පවසති. උදෑසන හයයි තිහ වන විටත් දරුවන් රැසක් දඹුල්ල ජාතික පාසලට පැමිණ තිබීම විශේෂත්වයකි. ඇතැම්  පාසල්  වසා දමන කාලයේ මහා විද්‍යාලයක් බවට පත්ව තිබුණු බවත් එම පාසල් නැවත ආරම්භ කිරීමේදී ඒවා ජාතික පාසල් බවට සහ ඇතැම් පාසල් මධ්‍ය මහා  විද්‍යාල බවට පත්ව තිබීම නිසා දරුවෝ සතුටෙන් පාසල් පැමිණ ඇති බව ගුරුවරුන් සහ දෙමාපියෝ පවසති.

ප්‍රදේශය පුරා වර්ෂාපතන තත්ත්වයක් පැවැතියද දරුවන්ගේ පැමිණීමට කාලගුණය බාධාවක් නොවුණු බවත්ත් පාසල් බස්රථ සියල්ල දරුවන් ප්‍රවාහනය කිරීම සඳහා උදෑසනම  ක්‍රියා කොට තිබිණි.

පාසල් බස් රථ හිමියන් කියා සිටියේ වැඩි උනන්දුවකින් යුතුව දරුවන් පාසල් පැමිණි බවය. දඹුල්ල ජාතික පාසල තුළ සෑම  දරුවෙකුගේම ශරීර උෂ්ණත්වය පරීක්ෂාකර බැලීම මෙන්ම දෑත් සේදීම මීටරයක දුර පරතරය තබා  ගෙන අධ්‍යාපන කටයුතු සිදුකිරීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් සපයා තිබෙන අයුරු දැක ගැනීමට හැකිවිය.

විද්‍යාලයේ විදුහල්පතිවරයා  උදෑසනම පාසැල ඉදිරිපිටට පැමිණ දරුවන් ගේ සෞඛ්‍ය ආරක්ෂාව ගුරුවරුන්ගේ සෞඛ්‍යය ආරක්ෂාව පිළිබඳව වැඩි අවධානයක් යොමු කොට අධික්ෂණයේ නිරතවී සිටීම ද  විශේෂත්වයකි.

පින්තුර

දඹුල්ල ජාතික පාසලට ගුරුවරුන් හා දරුවන් පැමිණෙන ආකාරය හා දෑත සේදීම සිදුකරන අයුරු

සටහන – කාංචන කුමාර ආරියදාස – දඹුල්ල

Related Posts