සිසුවෙකුට වෙඩි වැදීමේ සිද්ධිය ගැන පොලිස් පරීක්ෂණයක්
- Editor
- October 31, 2022
- උණුසුම් පුවත්
- 0 Comments
මාතර තිහගොඩ ප්‍රදේශයේ 15 හැවිදිරි දරුවෙකුගේ හිසට වෙඩි වැදීමේ සිදුවීමට සම්බන්ධ උප පොලිස් පරික්ෂකවරයා පිළිබඳ අභ්‍යන්තර පොලිස් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
ඒ අනුව සහකාර පොලිස් අධිකාරීවරයෙකුගෙන් යුත් පොලිස් කණ්ඩායමක් මඟින් අදාළ පරීක්ෂණය සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව සඳහන් කළේ.
අදාළ සිසුවා තවදුරටත් කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි සඳහන් වන්නේ

