සිරිකොත ඉදිරිපිට උද්ඝෝෂණ රැස්වීම් හා පෙළපාලි තහනම්
- RSL
- August 17, 2011
- Uncategorized
- 0 Comments
එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත මූලස්ථානය ඉදිරිපිට කුමන ආකාරයක හෝ පෙළපාලි, උද්ඝෝෂණ, සත්යග්රහ සහ විරෝධතා පැවැත්වීමට එරෙහිව නුගේගොඩ මහේස්ත්‍රාත් අනුර කුමාර හේරත් මහතා අද (17 අගෝ.) නියෝගයක් නිකුත් කෙළේය
එජාප නියෝජ්‍ය නායක සජිත් පේ්්රමදාස මහතා, එම පක්ෂයේ කෝට්ටේ ආසන සංවිධායක ශිරාල් ලක්තිලක හෝ එම පාර්ශවය විසින් එක්සත් ජාතික පක්ෂය මූලස්ථානය වන සිරිකොත ඉදිරිපිට උද්ඝෝෂණයක් සංවිධාන කර තිබීමේ ආරංචි නිසා සාමය රැකීමේ පියවරක් ලෙස මෙම තහනම් නියෝගය කරන ලෙසට මිරිහාන පොලිසියේ බුද්ධි අංශය විසින් කරන ලද ඉල්ලීමකට අවසර ලබාදෙමින් මෙම නියෝගය නිකුත් කළේය.