සිරකරු දින පළමු කොඩිය ජනපතිට පළඳවයි
- RSL
- August 24, 2011
- Uncategorized
- ජනාධිපති මහින්ද රාජපක්ෂ
- 0 Comments
ලබන සැප්තැම්බර් 12 වනදාට යෙදෙන සිරකරු දිනය නිමිත්තෙන් නිකුත් කරන ලද පළමු සිරකරු දින කොඩිය සිරකරු සුබසාධක සංගමයේ උපසභාපතිනි ඉන්ද්‍රානි ඊරියගොල්ල මහත්මිය විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත ඊයේ (23 අගෝ.) අරලියගහ මන්දිරයේ දී පළඳවනු ලැබුවාය.
පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර, අමාත්‍යංශ ලේකම් ඒ. දිසානායක, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරල් වී.ආර්. ද සිල්වා. සිරකරු සුබසාධක සංගමයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මහලේකම් සෑම් විජේසිංහ මහත්වරුන් ඇතුළු එම සංගමයේ නිලධාරීන් පිරිසක් එම අවස්ථාවට එක් වූහ.