“සිංහල ඡන්දයෙන් පමණක් ජයගත හැකි යයි මා කල් තියා දැන සිටියා..! – සිංහල බෞද්ධ ඡන්දයෙන් ජයගත් ගෝඨාභය, දුටුගැමුණු රජ පහස ලද රුවන්මැලි සෑ රජුන් අහියස දී කියයි
- RSL
- November 18, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Gotabaya Rajapaksa
- 0 Comments
ගෝඨාභය රාජපක්ෂ රටේ 7 වන ජනාධිපතිවරයා ලෙස අද රුවන්වැලි සෑ සලපතල මළුවේ දී අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරියේ දිව්රුම් දුන්නේ ය. ඒ අවස්ථාවට වත්මන් ජනාධිපති ලේකම් උදය ආර් සෙනෙවිරත්න ද සහභාගී විය.
දිව්රුම් දීමෙන් අනතුරුව ගෝඨාභය කළ මංගල ජාතිය ඇමතීමේ දී සිංහල ඡන්ද වලින් පමණක් ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කළ හැකි යයි තමන් කල් තියා දැන සිටි බව පැවසීය. ඉන් ඔහු නොකියා කීවේ සිංහල බහුතර ඡන්ද ලබා ගැනීම සඳහා අවශ්‍ය කුමන්ත්‍රණකාරී වැඩ කල් තියා ක්‍රියාත්මක කළ බව නොවේ ද? කෙසේ වුවද ජනාධිපතිවරයෙකුගේ මංගල ජාතිය ඇමැතීමේ කතාවක දී එවැන්නක් පැවසීම උචිත නොවන බවත් සුළුතර ජනයාගේ හිත් රිදවන්නක් බවත් බොහෝ විචාරකයන්ගේ මතයයි. ගෝඨාභය කීවේ මෙසේය.
“…මේ ජයග්‍රහණයේ ප්‍රධාන සාධකය වන්නේ රටේ සිංහල බහුතර ජනතාව බව අප මුල සිටම දැන සිටියා. සිංහල ජනතාවගේ සහායෙන් පමණක් ජනාධිපතිවරණය ජය ගැනීමට හැකි බව මා දැන සිටියත් මා දමිළ හා මුස්ලිම් ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කළා ඔබත් ඒ ජයග්‍රහණයේ කොටස් කරුවන් වන්නට කියා. එයට ප්‍රතිචාරය නම් මා අපේක්ෂා කළ මට්ටමට තිබුනේ නැහැ. එහෙත් මා ඔබේ නව ජනාධිපතිවරයා වශයෙන් යලිත් ඉල්ලා සිටින්නේ මේ රටේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් සැබෑ ශ්‍රී ලාංකිකයන් ලෙස එකට මා සමග එක් වන ලෙසයි…”
තමන් සමග වැඩ කළ හැකි නව රජයක් පිහිටුවන බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවසීය.

