සත්ත්ව ආහාරත් අත්‍යාවශ්‍ය ආහාරයක් වෙයි

Spread the love

සත්ත්ව ආහාර ද අත්‍යාවශ්‍ය ආහාර ලෙස ප්‍රකාශයට පත් කිරිමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ. පශු සම්පත්, ගොවිපළ ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩි.බි හේරත් මහතා කෘෂිකර්ම අමාත්‍යවරයා ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම පියවර ගැනීමට නියමිතය.

සත්ත්ව ආහාර මිල ඉහළ යාම නිසා සත්ත්ව පාලනයේ නියුතු ගොවින් බලවත් අපහසුතාවට පත්ව ඇති බවද සත්ත්ව ආහාර මිල ඉහළ යාම නිසා සත්ත්ව නිෂ්පාදනද ඉහළ යාමට පටන්ගෙන ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

මේ අතර දියර කිරි නිෂ්පානය ප්‍රවර්ධනය සදහා කිරි ගවයින්ට ප්‍රමාණවත්  තණකොළ නොලැබීම නිසා කිරි නිෂ්පාදනය අඩු වී ඇති බැවින් තණකොළ වගා කරන්නට කැමති අයට රජයේ ඉඩම් ලබා දී තණකොළ වගාව ප්‍රවර්ධනය කිරිමටත් එසේ වගා කරන තණකොළ කිරි ගොවින්ට හා ගෙවිපලවලට අලෙවි කිරිමටත් අවශ්‍ය වැඩ පිළිවෙලක් සකස් කිරිමටද අද (16) පස්වරුවේ පැවැති සාකච්ඡාවකදී අවධානය යොමු විය.

එමෙන්ම කිරි ගවයින්ට අමතරව එළුවන් ඌරන් වැනි සත්ත්ව ගොවිපල ප්‍රවර්ධනය කීරිමටත් අද පැවැති සාකච්ඡාවේදී අවධානය යොමු විය.මෙම සාකච්ඡාවට රාජ්‍ය අමාත්‍ය ඩි.බී.හේරත් එම අමාත්‍යාංශයේ ලේකම් හා සත්ත්ව නිෂ්පාදන සෞඛ්‍යය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි වී සිටියහ.

Related Posts