ශිරන්ති CIDයට; පාක්ෂිකයෝ ‘ජයවේවා!’ කියමින් සතුට සමරති.. (Video)

Spread the love

රාජපක්ෂ රෙජීම පාලන සමයේ ඝාතනය කරන ලද ප්‍රවීන රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අද (15) හි.ජ.කු.පා.ම. මහින්ද රාජපක්ෂ මහතාගේ නීත්‍යානුකූල බිරිඳ සහ නාමල් රාජපක්ෂ මහතාගේ දයාබර මෑණියන් වන ශිරන්ති රාජපක්ෂ මහත්මියව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම කැඳවීම සිදුකර තිබිණ.

එම අවස්ථාවේ එහි පැමිණි ජනතාව ශිරන්ති රාජපක්ෂ මහත්මිය CIDය වෙත කැඳවීම ඔවුන් ලද විශාල ජයග්‍රණයක් සේ සලකමින් “ජයවේවා! ජයවේවා!!’ ලෙස ඔල්වසරන් දීම සුවිශේෂී විය.

ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ සිරිලිය පදනමට අයත්ව තිබූ ඩිෆෙන්ඩර් රථයක් සම්බන්ධයෙන් මෙහිදී ප්‍රශ්න කිරීමට නියමිත අතර අදාළ ඩිෆෙන්ඩර් රථය වසීම් තාජුඩීන්ගේ ඝාතනය සඳහා යොදාගෙන ඇති බවට තොරතුරු ලැබී ඇති බව වාර්තා වෙයි.

සිද්ධියට අදාළව ජූලි මස 27 වන දිනද ශිරන්ති රාජපක්ෂ මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණද ඇය එදින පැමිණ තිබුණේ නැත.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට ද හෙට(16) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණීමට දැනුම් දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

වසිම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලට අදාළව ප්‍රශ්න කිරීම සඳහා යෝෂිත රාජපක්ෂ මහතා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇති බව වාර්තා වෙයි.

RSL

Related Posts