ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් ඉන්දීය ධීවරයින්ට බාධා
- RSL
- August 15, 2011
- Uncategorized
- 0 Comments
ශී‍්‍ර ලංකා නාවික හමුදාව විසින් කච්චතිව් දූපත අසල මුහුදේ මසුන් මැරීමෙන් තමිල්නාඩු ධීවරයින් 2,000ක් පමණ දෙනා වලක්වාලීමට පියවර ගත් බවට වාර්තා වන්නේ යැයි පී.ටී.අයි. පුවත් සේවය පවසයි.
බෝට්ටු 511ක නැඟී මසුන් මැරීමට ගිය එම පිරිස පෙරේදා (අගෝ. 13) නැවත පැමිණ පවසා ඇත්තේ බෝට්ටු 10කින් ලංකා නාවික හමුදා භටයින් පැමිණ තමන්ට ප‍්‍රදේශයෙන් ඉවත්ව යන ලෙසට අණ කළ බවටයි.
එම නාවික හමුදා භටයින් තමන් අල්ලාගත් මසුන් පැහැරගත් බවට ද ධීවරයින් පිරිස පැවසුවේ යැයි ධීවර දෙපාර්තමේන්තු නිලධාරීන් පවසා ඇත. මේ නිසා එක් ධීවර බෝට්ටුවකින් රු. 2,000ක පමණ අලාභයක් සිදුව ඇතැයි පැවසේ.