ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කෙරේ

Spread the love

ඕස්ට්‍රේලියාව සමග පැවැත්වෙන තරග 3කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කළේය.

ඊට යොවුන් පා ඳග පන්දු යවන ක්‍රීඩක සීකුගේ ප්‍රසන්න කැඳවා තිබේ.

දහසය දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට අද ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමි විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිවේදනයට අනුව කණ්ඩායමේ නායකත්වය සඳහා ටී.එම්.ඩිල්ෂාන් පත් කර ඇති අතර උප නායකයා පසුව නම් කිරීමට නියමිතයි.

කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, තිලාන් සමරවීර ප්‍රසන්න ජයවර්ධන, ඇන්ජ‍ලෝ මැතීව්ස් ,තරංග පරණවිතාන, සුරාජ් ර්නදීව්, සුරංග ලක්මාල්, චානක වෙළගෙදර, ධම්මික ප්‍රසාද්, ලහිරු තිරිමාන්න, රංගන හේරත්, අජන්ත මෙන්ඩිස් හා යොවුන් ක්‍රීඩක ශමින්ද එරංග ද කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයෝ වෙති.

නුවන් කුලසේකර දිල්හාර ප්‍රනාන්දු හා ජීවන් මෙන්ඩිස් මෙම සංචිතයට ඇතුළත් කර නොමැත. ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා පළමු ටෙස්ට් තරගය ලබන 30 වෙනිදා ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

RSL

Related Posts