ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්ත සංචාරය අරඹයි – නායකත්වය කුසල් පෙරේරාට

Spread the love

එළඹෙන එංගලන්ත සංචාරය සඳහා නම් කළ 24 දෙනකුගෙන් යුත් කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සිය අනුමැතිය ලබා දී ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (09) උදෑසන එංගලන්තය බලා පිටත්වීමට නියමිතව තිබෙනවා.

අවසන් වරට බංග්ලාදේශ තරග සංචාරයට සහභාගිවුණු ක්‍රීඩකයින් 18 දෙනාගෙන් අෂේන් බණ්ඩාර හැර අනෙත් ක්‍රීඩකයින් 17 දෙනාම එංගලන්තයට එරෙහිව පැවැත්වෙන තරග සංචාරය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට කණ්ඩායමට ඇතුළත්ව සිටිනවා.

මෙම තරගාවලිය යටතේ එක්දින තරගවලට අමතරව විස්සයි-20 තරග 3 ක්ද පැවැත්වෙන අතර එම තරග අංශයේ මීට පෙර නායකයා ලෙස කටයුතු කරන ලද දසුන් ශානක සංචිතයේ සිටියදීම සුදු පන්දුවෙන් පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 තරග අංශ වල නායකයා ලෙස කුසල් පෙරේරාව නම් කිරීමට ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු වත්මන් ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

ක්‍රීඩකයින් 24ගෙන් සමන්විත සංචිතය – කුසල් පෙරේරා (නායක), කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක, අවිෂ්ක ප්‍රනාන්දු, පැතුම් නිස්සංක, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, ඕෂද ප්‍රනාන්දු, චරිත් අසලංක, දසුන් ශානක, වනිඳු හසරංග, රමේෂ් මෙන්ඩිස්, චාමික කරුණාරත්න, ධනංජය ලක්ෂාන්, ඉෂාන් ජයරත්න, දුෂ්මන්ත චමීර, ඉසුරු උදාන, අසිත ප්‍රනාන්දු, නුවන් ප්‍රදීප්, බිනුර ප්‍රනාන්දුර, ශිරාන් ප්‍රනාන්දු, ලක්ෂාන් සඳකැන්, අකිල ධනංජය, ප්‍රවීන් ජයවික්‍රම.  

ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර 20/20 තරඟ 3ක් සහ එක්දින ජාත්‍යන්තර තරඟ 3ක් පැවැත් වෙනවා. පළමු 20/20 තරඟය ජූනි 23 වනදා කාඩිෆ් හි පැවැත්වීට නියමිතයි.

Related Posts