ශ්‍රී ලංකාව් සම්බන්ධයෙන් අවිනීතා කලබලයක් – රවිනාථ ආරියසිංහ

Spread the love

උගත් පාඩම් හා ප්‍රතිසන්ධානය පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාව එළිදැක්වීමට නියමිතව තිබියදී මානව හිමිකම් සංවිධානවලට ශ්‍රී ලංකාව පිළිබඳ පැහැදිලි කරගැනීමට අවිනීත කලබලයක් ඇති බව යුරෝපා සංගමය, ලක්සම්බර්ග් හා බෙල්ජියම සඳහාවන ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආරියසිංහ පවසයි.

බ්‍රසල්ස් අගනුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ඊයේ යුරෝපා පාර්ලිමේන්තු සංකිර්ණයේ පැවති සංවාද මණ්ඩපයකදී රවීනාථ ආරියසිංහ මේ බව ප්‍රකාශ කළ බවයි.

චැනල් ෆෝ නාලිකාව නිෂ්පාදනය කළ ශ්‍රී ලංකා කිලින් ෆීල්ඩ් නැමති චිත්‍රපටය ඊයේ යුරෝපා පාර්ලිමේන්තුවේ ප්‍රදර්ශනය කෙරුණු අතර ඉන් පසුව මෙම සංවාද මණ්ඩපය පැවැත්විය.

ඇම්නස්ටි ජාත්‍යන්තරය, හියුමන් රයිට් වොච් සහ ඉන්ටර්නැෂනල් ක්‍රයිසිස් ගෲප් යන සංවිධාන උගත් පාඩම් හා ප්‍රතිසන්ධානය පිළිබඳ කොමිෂන් වාර්තාව එළිදැක්වීමටත් මත්තෙන් ඊට පූර්ව නිගමනයක් සහ අවතක්සේරුවක් සිදුකිරීමට මැදිහත්ව ඇතැයි ද තානාපතිවරයා පෙන්වා දුන්නේය.

ඔහු කියා සිටියේ ශ්‍රි ලංකන් කිලින් ෆීල්ඩ් නැමති වාර්තා චිත්‍රපටය ප්‍රදර්ශනය කිරිමට අදාළ මානව හිමිකම් සංවිධාන අනුග්‍රහය දැක්වීමෙන් එය පැහැදිලිවන බවයි.

උගත් පාඩම් හා ප්‍රතිසන්ධානය පිළිබද කොමිසන් සභා වාර්තාව එළි දැක්වීමෙන් පසු එම මානව හිමිකම් සංවිධානවලට මුහුණදීමට සිදුවන තත්ත්වයට බියෙන් ඔවුන් මෙවැනි දේ සංවිධානය කරන බවද රවිනාථ ආරියසිංහ සදහන් කළේය.

RSL

Related Posts