ශ්‍රී ලංකාවේ වෘත්තීය අධ්‍යාපනය නගාසිටුවීමට කොරියානු සහය

Spread the love

ඔරුගොඩවත්ත කොරියානු තාක්ෂණික අභ්‍යාස ආයතනයේ (K Tec) විශේෂ නිරීක්ෂණ චාරිකාවකට ශ්‍රී ලංකා කොරියානු තානාපති වූන්ජින් ජියොන්ග් (Woonjin Jeong) මහතා සහ කොරියානු EXIM බැංකුවට අයත් මෙරට නියෝජිත කාර්යාලයේ අධ්‍යක්ෂක Ha Wonsuk මහතා ඇතුළු කොරියානු නියෝජිතයින් පිරිසක් ඊයේ (24) සහභාගී වූ අතර ඒ සඳහා රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය ද එක් විය.

එම නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව විශේෂ සාකච්ඡාවක් ද පැවති අතර මෙරට වෘත්තීය අධ්‍යාපනය ලබන සිසුන්ගේ අධ්‍යාපන කටයුතු තවදුරටත් නගාසිටුවීම වෙනුවෙන් අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස රාජ්‍ය අමාත්‍යතුමිය විසින් කොරියානු නියෝජිතයින්ගෙන් ඉල්ලීමක් සිදුකළ අතර ඒ සඳහා අවශ්‍ය සියළුම සහයෝගය ලබාදීමට ඔවුන් එකඟවිය.

කොරියානු ආර්ථික සංවර්ධන සහයෝගීතා අරමුදල් (Economic Development Cooperation fund) ආධාරයෙන් ඉදිකෙරුණු K-Tec ආයතනය ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය (VTA) යටතේ ක්‍රියාත්මකයි.

කොරියානු තානාපති ‍‍ලේකම් ලිම් මියොන්ග් (Lim Miyeon) මහත්මිය, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් දීපා ලියනගේ මහත්මිය සහ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ උප සභාපති මහේෂ් ආරියරත්න මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.

Related Posts