කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් සංඝමිත්තා අරහත් තෙරණිය ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට වැඩම කිරීම සිහිපත් කිරීම සඳහා ජාතක කතා ශ්‍රව්‍ය පොතේ දෙවන කලාපය සිකුරාදා නිකුත් කරන ලදී.

ශ්‍රව්‍ය පොතෙහි ‘යහපත් උපදෙස්’ යන තේමාව යටතේ ජාතක කතා 50ක් අඩංගු වන අතර එය ශ්‍රී ලංකාවේ ජනතාව, විශේෂයෙන්ම දෘෂ්‍යාබාධිතයන් වෙනුවෙන් කැප කර ඇති බව මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ ශ්‍රව්‍ය ග්‍රන්ථය විස්තර කළේ ඉන්දීය ජනතාවගෙන් ශ්‍රී ලාංකේය ජනතාවට ‘ධම්මදානයක්’ ලෙසයි. ඉන්දියාව සහ බොහෝ රටවල් අතර සහස්‍ර දෙකකට වඩා පැරණි සමීප සංස්කෘතික සබඳතා ජාතක කතාවලින් නිරූපණය වන බවත් ඉන් ඉන්දියාවෙන් බුදුදහමේ දායාදය ලැබුණු පළමු රට ලෙස ශ්‍රී ලංකාවට ඉතා සුවිශේෂී ස්ථානයක් හිමිවන බවත් ඔහු අවධාරණය කළේය.

ඉන්දියාවේ ප්‍රධාන බෞද්ධ ස්ථාන වෙත දින පහක බහු-නගර සංචාරයකින් පසු ආපසු පැමිණි බුදුදහම සහ බෞද්ධ උරුමය පිළිබඳ ජාත්‍යන්තර ප්‍රශ්න විචාරාත්මක තරඟයේ ජයග්‍රාහකයින් සමඟ ද බැග්ලේ අන්තර් ක්‍රියා කළේය. පිරිවෙන් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය හා එක්ව මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරන ලද මෙම ප්‍රශ්න විචාරාත්මක තරගය සඳහා පිරිවෙන් සිසුන් 6000කගේ පමණ සහභාගිත්වය දක්නට ලැබීණි.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මහතා, ශ්‍රී ලංකාවේ පිරිවෙන් සහ දහම් අධ්‍යාපනය සඳහා ඉන්දීය රජය දක්වන සහයෝගය පිළිබඳව ස්තුතිය පුද කළේය.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සංස්කෘතික අංශය වන ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය විසින් මෙම කෘතිය නිකුත් කෙරිණි.

ඉන්දු – ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 75ක් පිරීම නිමිත්තෙන් 2022 ජුනි 14 වැනි දිනට යෙදී ඇති උතුම් පොසොන් පොහොය දින ප්‍රථම වෙළුම අනුරාධපුර පූජනීය රුවන්වැලි මහා සෑ පරිශ්‍රයේදී නිකුත් කරන ලදී.

ජාතක කතා ශ්‍රව්‍ය පොත’ ව්‍යාපෘතිය කොළඹ විශ්ව විද්‍යාලය, ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය සහ සමකාලීන ඉන්දියානු අධ්‍යයන මධ්‍යස්ථානය අතර ඒකාබද්ධ සහයෝගීතාවක් වේ. අතර එය අතිපූජ්‍ය රඹුකන සිද්ධාර්ථ නාහිමියන්ගේ අධීක්ෂණය යටතේ සිදු කෙරේ. කැලණිය විශ්වවිද්‍යාලයේ හින්දි අධ්‍යයන අංශයේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උපුල් රංජිත් හේවාවිතානගමගේ, ඩබ්ලිව් ඒ අබේසිංහ සහ ජනප්‍රිය රූපවාහිනී සහ ගුවන් විදුලි නිවේදිකාවක් වන වත්සලා සමරකෝන් ඇතුළු ප්‍රවීණයන් කිහිප දෙනෙක් මෙම වැඩසටහනට දායක වූහ.

බුද්ධාගම ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ජනතාව බැඳ තබන ප්‍රධාන කුළුණකි.දෙරට අතර බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 15 ක ප්‍රදානයක් ලබාදීමට ඉන්දීය රජය කැපවී සිටී.

2021 ඔක්තෝම්බර් මස ‘වප්පෝය’ දිනයේදී ශ්‍රී ලංකාවේ සිට කුෂිනගර් පුදබිම වෙත මංගල ජාත්‍යන්තර ගුවන් ගමන; 2021 ඔක්තෝම්බර් මාසයේදී වස්කඩුව රාජගුරු ශ්‍රී සුභූති මහාවිහාරයේ ඉන්දියාවේ පූජනීය කපිලවස්තු බුද්ධ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය කිරීම මෑතදී අසල්වැසි දෙපළ අතර පවතින බෞද්ධ සම්බන්ධතාව අවධාරනය කරන කැපී පෙනෙන සන්ධිස්ථාන අතර වන බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේය.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්