ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහස් සමෘද්ධිය සඳහා දෙරට අතර ආර්ථික සබඳතා දිරිගැන්වීම් අරමුණු කොට ගනිමින් කොළඹ දී ව්‍යාපාරික වැඩසටහනක් පැවැත්වීය.

මෙම අවස්ථාවට නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් කේ ජේකබ්, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ව්‍යාපාරික හා කර්මාන්ත නියෝජිතයින් සහභාගී විය.

‍‍ඉන්දියාවේ “සාගර්” මුලපිරීම සහ “අසල්වැසි ප්‍රථම” ප්‍රතිපත්තිය හරහා අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වන බව උත්සවය අමතමින් නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා සඳහන් කළේය.එමෙන්ම එමගින් අපේක්ෂා කරන අරමුණු සාර්ථකව සපුරා ගත හැකි බව ඔහු වැඩිදුරටත් පැවසීය.

ඇමරිකානු ඩොලර් බිලියන 3.5 කට වඩා වටිනා අඛණ්ඩ මූල්‍ය, ආර්ථික සහ හදිසි සහන, අන්තර් පුද්ගල සබඳතා, සංස්කෘතික සහයෝගීතාව දෙරටේ ද්විපාර්ශික සහයෝගීතාවය නිරූපනය කරන්නා වූ පැතිකඩක් බව හෙතෙම පැවසීය. තවද ඇමෙරිකානු ඩොලර් බිලියන 5 කට වඩා වටිනා සංවර්ධන සහ ආරක්ෂක සහයෝගීතාව මගින් මෙම සබඳතාව තවදුරටත් තීව්‍ර කරයි

ශ්‍රී ලංකාව වර්ෂ 1948දී බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා ගැනීමෙන් පසු එහි විශාලතම ආර්ථික අර්බුදය අත්විඳිමින් සිටි. එය මේ වන විට දේශපාලන අර්බුදයක් බවට පත්ව ඇත. ශ්‍රී ලංකාවේ උගත් තරුණ පරපුර අරගල කරුවන් ලෙස ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටියි.

ශ්‍රී ලංකාවට වත්මන් තත්ත්වයෙන් මිදීමට සහය වීම සඳහා ඉන්දියාව “අසල්වැසියන් පළමුව” ප්‍රතිපත්තියට අනුකූලව, මේ වසරේ පමණක් ඇමරිකානු ඩොලර් බිලියන 3.5 කට ආසන්න ආධාර මුදලක් ශ්‍රී ලංකාවේ ජනතාවට ලබා දී ඇත.

එමෙන්ම ශ්‍රී ලංකාවේ පවතින පෙට්‍රල් හිඟය සමනය කිරීම සඳහා ඉන්දියාව ශ්‍රී ලංකාවට පෙට්‍රල් ටොන් දහස් ගණනක් ද ලබා දී ඇත. එමෙන්ම අත්‍යාවශ්‍ය ආහාර සහ වෛද්‍ය සැපයුම් ලබාදීම තුළින් ද ශ්‍රී ලංකාවට උපකාර කොට ඇත.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්