ශ්‍රී ලංකාවට තමිල්නාඩු රජය විසින් සපයන ලද සහල් සහ කිරිපිටි සඳුදා දින යාපනය නගරයේ දී ජනතාව බෙදා හරින ලදී.

යාපනයේ ඉන්දීය කොන්සල් ජනරාල්වරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ මෙමගින් පවුල් 1,00,000කට ආසන්න පිරිසකටප්‍ රතිලාභ ලබා දෙන බව ය.තමිල්නාඩු ප්‍රාන්ත රජයේ සහයෝගයට ශ්‍රී ලංකාව පුරා සහල් මෙට්‍රික් ටොන් 40,000ක් සහ කිරිපිටි මෙට්‍රික් ටොන් 500ක් බෙදා හැරීම ඇතුළත් වේ.

මෙම භාණ්ඩ තොගයෙන් කොටසක් දූපත් අතර යාත්‍රා සේවාවද බලගන්වනු ඇති බව යාපනයේ ඉන්දීය කොන්සල් ජනරාල් කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.ඉන්දියාව විසින් එවන ලද භූමිතෙල් ලීටර් 15,000 ක් ඩෙල්ෆ්, නයිනතිව්, එළුවතිව් සහ අනලිතිව් යන ප්‍රදේශවල ධීවරයින් 700 කට තෑගි කිරීමෙන් දිනකට පසුව මෙය මෙම පරිත්‍යාගය ලැබිණ.

ඉන්දියාව ඩොලර් 700,000 කට වඩා වටිනා වෛද්‍ය සැපයුම් ටොන් 25 ක් ශ්‍රී ලංකාවට භාර දී ඇත. දූපත් දිවයින එහි දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දෙමින් සිටි.

ආර්ථික අර්බුදය මධ්‍යයේ ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීම පිළිබඳව ඉන්දියාවට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රශංසා කර තළේය. එමෙන්ම ඔහු සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට අවශ්‍ය බව ප්‍රකාශ කළේය.

මීට පෙර, මැයි 22 වන දින, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ විසින් ශ්‍රී ලංකා රුපියල් බිලියන 2 කට වැඩි වටිනාකමකින් යුත් සහල්, කිරිපිටි සහ ඖෂධ කොළඹ දී ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් වෙත භාර දී ඇත.

තමිල්නාඩු රජය විසින් සහල් මෙට්‍රික් ටොන් 40,000ක්, කිරිපිටි මෙට්‍රික් ටොන් 500ක් සහ ඖෂධ ලබාදීම යටතේ පැමිණි පළමු තොගය මෙය විය. මෙම ආධාර වල වටිනාකම ශ්‍රී ලංකා රුපියල් බිලියන 5.5 කට වඩා වැඩි වන බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසා ඇත.

මෙම ආධාර ශ්‍රී ලංකා රජය විසින් උතුරු, නැගෙනහිර, මධ්‍යම සහ බස්නාහිර යන පළාත් ඇතුළුව රට පුරා සිටින ප්‍රතිලාභීන් අතර බෙදා හැරීමට අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත සීඝ්‍ර ලෙස පහත වැටීම හේතුවෙන් අත්‍යවශ්‍ය ආනයනය සඳහා විදේශ විනිමය මඟින් ගෙවීමේ ගැටළුවකට මුහුණ පා ඇති අසල්වැසි රටට ඉන්ධන ආනයනය කිරීමට උපකාර කිරීම සඳහා ඉන්දියාව පසුගිය මාසයේදී ඩොලර් මිලියන 500 ක අතිරේක ණය සහනයක් ලබා දුන්නේය.

විදේශ සංචිතවල ව්‍යසනකාරී හිඟයක ප්‍රතිඵලයක් ලෙස පෙට්‍රල්, ඉවුම් පිහුම් කටයුතු සඳහා වන ගෑස් සහ අනෙකුත් භාණ්ඩ සඳහා දිගු පෝලිම් නිර්මාණය වී ඇත. විදුලිය ඇනහිටීම සහ ආහාර මිල ඉහළ යාම ජනතාවගේ පීඩනය තවත් වැඩි කර තිබේ.ශ්‍රී ලංකාව 1948 නිදහසින් පසු විශාලතම ආර්ථික අර්බුදයට වත්මනේදී මුහුණ දෙමින් සිටී.

ආර්ථික අර්බුදය ශ්‍රී ලංකාව තුළ දේශපාලන අර්බුදයක් කරා පරිවර්තනය වී ඇත, එය හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මුළු රජයටම ඉල්ලා අස්වීමටත් නව අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීමට ද හේතු සාධක විය.