ශ්‍රී ලංකාවට කඩුලු 9 ක විශිෂ්ට ජයක්

Spread the love

මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම හා අයර්ලන්ත කණ්ඩායම අතර පැවති තරඟයෙන් කඩුලු 9 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

තරඟයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 128 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මහීෂ් තීක්ෂණ කඩුලු 2 ක්, වනිඳු හසරංග කඩුලු 2 ක් හා බිනුර ප්‍රනාන්දු, ළහිරු කුමාර, ධනංජය ද සිල්වා, චාමික කරුණාරත්න එක් කඩුල්ල බැඟින් බිඳහෙළීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම 15 වන පන්දුවාරයේදී කඩුලු 1 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා.

පන්දුවට පහරදීමේදී ධනජය ද සිල්වා ලකුණු 31 ක්, කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 68 ක් හා චරිත් අසලංක ලකුණු 30 ක් ලබා ගත්තා.

Related Posts