වෘත්තීය සමිති කිහිපයක් අද එක්දින වැඩවර්ජනයක

Spread the love

වෘත්තීය සමිති කිහිපයක් අද දිනයේ එක්දින වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරයි. රාජ්‍ය. අර්ධ රාජ්‍ය. පෞද්ගලික අංශ සහ වතු .ෙක්‍ෂ්ත්‍ර නියෝජනය කරමින් වෘත්තීය සමි මෙම වැඩවර්ජනයට සහභාගී වන බව ඒකාබද්ධ වෘත්තීය සමිති මධ්‍යස්ථානය සදහන් කරයි. ලබන මස 06 වැනිදා හර්තාල් දිනයක් නම් කර ඇති බවත් ඊට දේශපාලන පක්‍ෂ සහ වෘත්තීය සමිති එක්වන බවත් එම මධ්‍යස්ථානය කියා සිටියි.
දිීපව්‍යාප්ත වෘත්තිය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් අද සමස්ත දිවයින පුරා රජයේ කාර්යාලවල රාජකාරි කටයුතු අකර්මන්‍යවීමට ඉඩ ඇතැයි ශ්‍රි ලංකා පරිපාලන සේවා සංගමය පවසයි. මෙමගින් සාමාන්‍ය ජනතාවට සිදුවන අපහසුතාව පිලිබදව සංගමය සිය කනගාටුව පලකර සිටි.
රාජ්‍ය සේවක වෘත්තිය සමිති කිහිපයක් අද පැවැත්වීමට නියමිත වැඩ වර්ජනයට දුම්රිය සහ ලංගම සේවක වෘත්තිය සමිති සහභාගි නොවන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි. පෞද්ගලික බස්රථ සේවා ද ඊට එක් නොවේ. පොදු ප්‍රවාහන සේවා වෘත්තිය සමිති සමග පැවැත්වු සාකච්ඡාවකට අනුව පොදු මගී ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට එම නියෝජිතයන් එකග වු බව අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
මේ අතර අද දිනයේ දුම්රිය ධාවනය බොහෝ දුරට අඩාල විය හැකි බව දුම්රිය පාලක මැදිරිය සදහන් කරයි. දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනෙවිරත්න මහතා ඊයේ සදහන් කලේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් පිළිබදව කිසිදු දුම්රිය සංගමයක් දැනුම් දි නැති බවයි. ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ සහ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ සේවා අද සාමාන්‍ය පරිදි ක්‍රියාත්මකයි.

අද දිනයේ දීපව්‍යාප්ත වැඩවර්ජනයක් කැදවා ඇතත් රජයට පක්‍ෂපාතී මෙන්ම වැඩවර්ජන ප්‍රතික්ෂේප කරන විශාල පිරිසක් තම රාජකාරී කටයුතු කරගෙන යාමට තීරණය කර ඇතැයි වාර්තාවෙයි. මෙරට රාජ්‍ය සේවක පිරිස ලක්‍ෂ 15කට පමණ ආසන්න වෙයි. පසුගිය වසර දෙක තුළ කොවිඩ් වසංගතය හමුවේ රජයේ අමාත්‍යංශ. දෙපාර්තමේන්තු. සංස්ථා අධිකාර් සමාගම් ඇතුඵ රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සියලු අංශවල රාජ්‍ය සේවකයන්ට කිසිදු ගැටලුවක් නොමැතිව ජීවත්වීමට අවශ්‍ය පසුබිම රජය සකස් කර දී තිබුණි. පෞද්ගලික අංශය සිය සේවක වැටුප් ඇතුඵ බොහෝ වරප්‍රසාද අඩු කිරීමට පියවර ගත් අවස්ථාවේ රජයේ සේවකයන්ගේ වැටුපෙහි අඩුවීමක් සිදු නොවින. වැටුප් වර්ධක පවා ඔවුන්ට හිමිවිය. රාජ්‍ය සේවකයන්ගේ සේවා කාලය අවුරුදු 65 දක්වා දීර්ග කිරීමට පියවර ගැණින. මෙවැනි වරප්‍රසාද හමුවේ රාජ්‍ය සේවකයන් වැඩවර්ජනයකට යොමුවීම අනුමත කළ නොහැකි බව රාජ්‍ය සේවාවේ හිටපු ඉහළ නිලධාරියෙකු වු පරාක්‍රම බස්නායක මහතා පවසයි.

SLBC

Related Posts