විශේෂඥ කමිටු වාර්තා කෙටුම් පත ජනපති වෙත

Spread the love

තිරසර සංවර්ධන ඉලක්ක පිළිබඳ විශේෂඥ කමිටුවේ පළමු වාර්තා කෙටුම්පත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත අද (01) පිළිගන්වනු ලැබිය
ඒ කමිටු සභාපති මහාචාර්ය මොහාන් මුණසිංහ විසින්.
ශ්‍රි ලංකාව 2030 වසර වනවිට ආර්ථික , සමාජයීය හා පරිසර ක්ෂේත්‍ර ඔස්සේ සපුරා ගත යුතු ඉලක්ක මෙම කෙටුම්පතට ඇතුළත්.
මෙහි සඳහන් කරුණු ඉදිරියේදි ක්‍රියාත්මක කළයුතු ආකාරය පිළිබඳ අද (01) ජනාධිපතිවරයා හා විශේෂඥ කමිටුව අතර දීර්ඝ වශයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණා.
මෙම කෙටුම්පත මහජන විමසීම සඳහා ලබන ජනවාරි මස සිට මැයි මස දක්වා රටම ආවරණය වන පරිදි පැවත්වීමට රජය තීරණය කර ඇති අතර,
ජනතා අදහස් හා යෝජනා අනුව වාර්තාවේ සංශෝධන සිදුකෙරෙනු ඇති.

RSL

Related Posts