වැඩ කරන අපේ විරුවා වැඩ කරන සමෘද්ධි පරිගණක නිළධාරින් 1600ගේ වැටුප් නවත්වයි..
- RSL
- December 13, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- 0 Comments
පසුගිය රජය මගින් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සතුව පවතින සමෘද්ධි සංවර්ධන බැංකු රාජ්‍ය බැංකුවක් මට්ටමට උසස් කිරීමේ අරමුණ පෙරදැරීව, ශ්‍රී ලංකාවේ සියළුම සමෘද්ධි බැංකු සදහා ස්ථීර පත්වීම් සහිත පරිගණක ක්‍රියාකරුවන් ලෙස 1600කට ආසන්න පිරිසක් බදවාගෙන ඇත.
එකී පිරිසකගේ පුහුණු කාලය අවසන්ව පත්වීමේ ලිපිය අණුව මාස 3කින් ස්ථීර කිරීමට තිබියදී, සමෘද්ධි අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ ලිපියක් පදනම් කරගෙන ඔවුන්ගේ වැටුප් අත්හිටුවා ඇත.
අප කල විමසීකදී එම රැකියාවේ නියුතු පුද්ගලයන් කිහිපදෙනෙකුම පැවසුවේ.
ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් පරීක්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණයක් පවත්වා, ප්‍රායෝගික පරිගණක භාවිතාව පිළිබඳව සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිටීමෙන් අනතුරුව ඔවුන්ව තෝරාගත් බවත්, ඔවුන් සියළු දෙනා අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් ගණිතය හා සිංහල භාෂාවට සී සාමාර්ථ සහිතව සමත්වූ අය බවත්, මාස හයකට වැඩි පරිගණක පාඨමාලවක් සම්පුර්ණ කරන ලද සියළු සුදුසුකම් සහිත පිරිසක් බවයි.
වැටුප් නැවත් වීමට සමෘද්ධි අධ්‍යක්ෂ ජෙනරාල් යැවූ ලිපිය


