වර්ජනය නිසා ලිපි ලක්ෂ 16 ක් ගොඩගැහිලා
- RSL
- November 19, 2011
- Uncategorized
- 0 Comments
වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ පමණක් ලිපි ලක්ෂ 16 ක් ගොඩගැසී ඇති බව තැපැල් වෘත්තීය සමිති පවසයි. තැපැල් වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක කේ.එම්. චින්තක බණ්ඩාර මහතා කියා සිටින්නේ තැපැල්පතිවරයා ඉවත් කරන ලෙස බලධාරින්ගෙන් තමන් කළ ඉල්ලීමට මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවය.
දැනට දින 6 ක සිට ක්‍රියාත්මක මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ප්‍රාදේශීය තැපැල් සේවා ද අඩපණ වී ඇති බව ඔහු සඳහන් කළේය.