ලොව හොඳම T-20 පන්දු යවන්නන් අතර වනිඳු දෙවැනි තැනට

Spread the love

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව විස්සයි-20 පන්දු යවන්නන් අතර දෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට පා දඟ පන්දු යවන වනිඳු හසරංග සමත්වී සිටියි. මේ වන විට 23 වැනි වියේ පසුවන දකුණතින් පන්දු යවන වනිඳු, ජාත්‍යන්තර ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීමක දිනාගත් ඉහළම ස්ථානය ලෙසින්ද මෙය සටහන් වෙයි.

ඉන්දියාවට එරෙහිව ඉකුත් 25 වැනිදා පැවැති තරගයත් සමඟ මේ දක්වා විස්සයි-20 තරග @ කට ක්‍රීඩා කර ඇති වනිඳු කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය @ ක් රඳවා තබා ගනිමින් කඩුලු @ ක් බිඳ හෙළා තිබේ. මෙම වසරේදී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ලකුණු 12 ක් තුළ දවා ගත් කඩුලු 3 ඔහුගේ තරග දිවියේ හොඳම පන්දු යැවිම ලෙසින් සටහන් වේ.

ඒ අනුව වනිඳුට ඉදිරියෙන් පසුවන්නේ දකුණු අප්‍රිකානු පිල නියෝජනය කරනු ලබන තබ්‍රේස් ශම්සි වන අතර මෙතෙක් දිනක් දෙවැනි ස්ථානයේ පසු වූ ඇෆ්ගනිස්තානයේ රෂීඩ් ඛාන් තෙවැනි ස්ථානය දක්වා පහත බැස සිටියි.

Tags: