ලොකු – පොඩි බිත්තර ගැන අලුත්ම හෙළිදරව්වක් !

Spread the love

අපෙන් බොහෝ දෙනෙක් විශාල හෝ අති විශාල බිත්තර මිලදී ගැනීම ගැන දෙවරක් නොසිතන අතර ඒවා සූපවේදීන් අතර ජනප්‍රියයි. නමුත් කුඩා බිත්තර ! කුඩා දේවල්වලට බොහෝ විට සිදුවන අයුරින් ඒවා අවප්‍රමාණය වේ.

විශාල බිත්තරවලට ලොකු සැලකිල්ලකුත්, කුඩා බිත්තරවලට අඩු සැලකිල්ලකුත් ලැබුණ මේ ආකල්පය ගැන කුකුළු ගොවිපොළකරුවන් වගේම පෝෂණවේදීන්, සූපවේදීන් බොහෝ කාලයක් කණස්සල්ලට පත්ව සිටිනවා.

කුඩා බිත්තර අවප්‍රමාණය වීම වළක්වන බැවින් මිශ්‍ර බර සහිත බිත්තර පෙට්ටි ගොවීන්ට හොඳ වනු ඇතැයි කුකුළු කර්මාන්ත විශේෂඥයෝ කියනවා. තවත් සමහරුන් තර්ක කරන්නේ එය කුකුළන්ටද ප්‍රයෝජනවත් වනු ඇති බවයි.

කුකුළන් ස්වභාවිකවම විවිධ ප්‍රමාණවලින් බිත්තර දමනවා. ඒක කිසිසේත්ම ඔවුන්ගේ වරදක් නොවෙයි. බොහෝ විට කිකිළියන්ගේ මුල් කාලයේදී බිත්තර කුඩා වන අතර කිකිළියන් වයස්ගත වන විට ඒවා ප්‍රමාණයෙන් විශාල වෙනවා. 

බිත්තර බර අනුව කාණ්ඩ හතරකට වර්ග කරනවා.

  •  කුඩා,
  • මධ්‍යම,
  •  විශාල
  • ඉතා විශාල

විශාල සහ අති විශාල බිත්තර ලෝකය පුරා ජනප්‍රියයි.

බ්‍රිතාන්‍යයේ කුකුල් සුභසාධක භාරයේ නිර්මාතෘ ජෝර්ජ් හොවෝර්ත් සදහන් කරන්නේ “ එක්සත් රාජධානියේ විශාල හා අති විශාල බිත්තර සමඟ සම්බන්ධ වී ඇතැයි විශ්වාස කරන ගැටලු පිළිබඳව දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට තම සංවිධානය සැලසුම්කර ඇති බවයි. එය බ්‍රිතාන්‍යයේ බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය සමඟ ආරම්භ කිරීමට සූදානම් බවත් ඔහු ප්‍රකාශ කළා.

මේ අතර බ්‍රිතාන්‍ය බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ ප්‍රධාන විධායක නිලධාරී රොබට් ගූච් පවසන්නේ ඔවුන්ගේ සාමාජිකයින් විසින් නිෂ්පාදනය කරන බිත්තරවලින් අඩක් විශාල හෝ අති විශාල ඒවා බවයි.

කුකුළු පශු වෛද්‍ය ඉයන් ජෝන්ස් පැහැදිලි කරන්නේ වාණිජමය වාතාවරණයක් තුළ බොහෝ කිකිළියන් තෝරාගත් අභිජනනය, ආහාර සැපයීම සහ ඔවුන් ආලෝකය ලැබෙන පැය ගණන හරහා  විශාල බිත්තර දැමීමට දිරිමත් කරන බවයි. 

සමහර විට විශාල බිත්තර කිකිළියන් තුළ මානසික ආතතිය පවා ඇති කරන අතර තවත් සෞඛ්‍ය ගැටලු රැසක් ඇති කරයි.

‘මේ තත්ත්වය මත ඔවුන් මිය යාමට පවා පුළුවන්‘ ඔහු වැඩි දුරටත් සදහන් කරයි.

ජෝන්ස් පවසන්නේ තම ජීවිත කාලය පුරාම නිරන්තරයෙන් මධ්‍යම ප්‍රමාණයේ බිත්තර දැමූ කිකිළියන් ග්‍රෑම් දෙකක් හෝ තුනක් වැඩියෙන් බර බිත්තර දමන කිකිළියන්ට වඩා යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් සිටි බවයි.

කිකිළියන් දමන විශාල බිත්තර හා ඔවුන්ගේ සෞඛ්‍යය අතර සම්බන්ධය පිළිබඳව නිශ්චිත පර්යේෂණයක් සිදු කර නොමැති බැවින් නිගමනවලට එළඹීම දුෂ්කර ය. 

ජෝන්ස් පවසන්නේ සියලුම කුකුළු මස් ගොවීන් මේ පිළිබඳව දැනුවත් බවයි. “ විශාල ප්‍රමාණයේ බිත්තර දමන කිකිළියන්ගේ සෞඛ්‍ය ගැටළු පිළිබදව අපට නිතර චෝදනා ලැබෙනවා‘‘ යනුවෙන් ඔහු පැහැදිලි කරයි. 

ඔහු කිකිළියන්ගේ මරණ හා බිත්තරවල ප්‍රමාණය අතර සම්බන්ධතාවය පිළිබඳ පර්යේෂණ ආරම්භ කර තිබෙනවා.

නමුත් එක්සත් රාජධානියේ බිත්තර කර්මාන්තයේ අවශ්‍යතා නියෝජනය කරන බ්‍රිතාන්‍ය බිත්තර කර්මාන්ත කවුන්සිලයේ සභාපති ඇන්ඩෘෘ ජෝරෙට් පවසන්නේ “බිත්තරවල ප්‍රමාණය කිකිළියන්ගේ සෞඛ්‍යයට හා සුභසාධනයට බලපානු ඇතැයි අපි විශ්වාස කරන්නේ නැහැ. වර්තමානයේ කිකිළියන්ගේ හොඳ ශරීර බරක් ඇති අතර ඔවුන් ශක්තිමත්. එයින් අදහස් කරන්නේ කිසිදු ගැටලුවකින් තොරව සෑම තරාතිරමකම බිත්තර දැමීමට ඔවුන්ට හැකි බවයි‘‘

එසේ වුවද, මිශ්‍ර ප්‍රමාණයේ බිත්තර පෙට්ටි “ගොවීන්ට වඩාත් ප්‍රයෝජනවත් වන බැවින් ඉල්ලුම කළමනාකරණය කර වඩාත් පහසුවෙන් සැපයිය හැකි” බවට ජොරෙට් එකඟ වන අතර ඒවා බොහෝ විට සුපිරි වෙළඳසැලේ හොඳම වටිනාකම් විකල්පය බව සටහන් කරයි.

ගොවීන්ට සහ සූපවේදීන් සඳහා කුඩා බිත්තරවල ප්‍රතිලාභ

සමහර සූපවේදීන් සහ ආහාර ලේඛකයින් ඔවුන්ගේ වට්ටෝරු වලින් විශාල බිත්තර ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. ආහාර ලේඛක සහ ආහාර ලේඛකයින්ගේ සංසදයේ සභාපති ඕර්ලන්ඩෝ මුරින් සිය නව සූපවේදී පොතෙන් ඒවා ඉවත් කර ඇති අතර, “කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ බිත්තරවලින් බිත්තර නිෂ්පාදකයාට වාසි රාශියක් තිබෙනවා. මිශ්‍ර බිත්තර පෙට්ටි වට්ටම් මිලකට විකිණිය හැකියි.  කෝකියාටද වාසි තිබෙනවා. පෙම්වතුන් කුඩා බිත්තරයකට වැඩි කැමැත්තක් දක්වනවා. ඒ වගේම තමයි බිත්තරයේ ප්‍රමාණය කුමක් වුවත් කහ මදයෙහි ප්‍රමාණය එක හා සමානයි‘‘ මුරින් කියනවා.

ඉවුම් පිහුම් සඳහා බිත්තර කිරන ආකාරය

එක් එක් බිත්තර ප්‍රමාණ කාණ්ඩය අතර බර වෙනස ග්‍රෑම් 10ක් පමණ වේ. මධ්‍යම බිත්තරයක් (එහි කවචයේ) බර ග්‍රෑම් 53-63 අතර වේ, විශාල බිත්තරයක් 63-73gකි. 

“විශාල බිත්තර වෙනුවට මධ්‍යම ප්‍රමාණයේ බිත්තර ආදේශ කිරීම පිඟානට එතරම් වෙනසක් නොකරනු බවයි ඒ අනුව පැහැදිලි වන්නේ. නමුත් විශාල බිත්තර කිහිපයක් (හතරකට වඩා වැඩි) අවශ්‍ය වන වට්ටෝරු සඳහා අතිරේක මධ්‍යම බිත්තරයක් එක් කරන්න” යනුවෙන් ජොරෙට් උපදෙස් දෙයි. 

ඔබ බොහෝ විට වෙනස නොදකින බවට මුරින් කියයි.

බී.බී.සී වාර්තාවකි. සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

Related Posts