‘ලොකුගේ පොකුර’ තව පුපුරයි: PCR කළ 219/101කට කොවිඩ්

Spread the love

පිළියන්දල පොදු වෙළෙඳ පොළේ වෙළඳුන් සහ නගරය ආශ්‍රිතව පදිංචි පුද්ගලයන් ඇසුරින් සිදුකල අහඹු PCR පරික්ෂණ වලින් පුද්ගලයින් 101 දෙනකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වූ බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය විසින් අද (09) දින නිවේදනයක් නිකුත් කරමින් හෙළි කළේය.

එහි සදහන් වූයේ අදාළ ප්‍රදේශයේ පුද්ගලයින් 269 දෙනකු අහඹු ලෙස පී.සී.ආර් පරීක්ෂණ සදහා ලක්කළ බවත් තවත් 50 දෙනෙකුගේ ප්‍රතිඵළ ලැබීමට නියමිත බවයි.

මේ අතර සෞඛ්‍ය අංශ විසින් අද පිළියන්දල පොදු වෙළෙදපොළ සංකීර්ණය වසා දැමීමට පියවර ගත් බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ඉන්දික එල්ලාවල මහත පවසයි.

පසුගිය දා සෞඛ්‍ය අංශ විසින් වසා දැමීමට පියවර ගත් පිළියන්ද පොලිස් වසම ඇමති ගාමිණී ලොකුගේ මහතාගේ මැදිහත්වීම මත යළි විවෘත කිරීමට පියවර ගැනීම බරපතළ විවේචනයට ලක්විය. එහෙත් අමාත්‍යවරයා තම අනිසි මැදිහත්වීම වෙනුවෙන් දැඩිව පෙනී සිටි අතර ඔහු අද දින ද අන්තර්ජාල නාළිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ප්‍රකාශ කළේ තමා විසින් විවෘත කළ පිළියන්ද යළි වසා දැමීමට ඉඩ නොදෙන බවයි.

මේ අතර ඇතැම් වෙබ් අඩවි විසින් අදාළ සිද්ධියට සම්බන්ධ කොවිඩ් ආසාදිතයින් ‘ලොකුගේ පොකුර‘ ලෙස නම් කිරීමට ද පියවර ගෙන ඇත.

Related Posts