ලසන්ත ඝාතන සැකකරු හදිසියේ මියයයි
- RSL
- October 16, 2011
- Uncategorized
- 0 Comments
සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවේ සිටි පී. ජේසුදාසන් මහතා හදිසි හෘදයාබාධයක් හේතුවෙන් රෝහල්ගත කර තිබියදී මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලයය කියයි.
රක්ෂිත බන්ධනාගාරයේ සිට එම සැකකරු පසුගිය 13 වැනිදා රෝහල් කර තිබූ බවත්, කොළඹ ජාතික රෝහලේ 44 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මැක්සි ප්‍රෝක්ටර් මහතා පවසයි. මිය ගිය සැකකරු 36 හැවිරිදි වියේ පසූවූ අයෙකි.
ව්‍යාජ සහතික ඉදිරිපත් කර ගත් ජංගම දුරකතන සිම් කාඩ් පහක් සමග ඔහු සැකපිට අත්අඩංගුවට ගත්තේය.
2009 වසරේ ජනවාරි මාසයේ අත්තිඩියේ දී ලසන්ත වික‍්‍රමතුංග මහතා ඝාතනය කැරිණි.