ලබන 6 වැනිදාට පෙර එකඟ වූ බස් ගාස්තුව ප්‍රකාශ කරන්න – පෞද්ගලික බස් සංගම් කියයි
- RSL
- November 28, 2011
- Uncategorized
- ගැමුණු විජේරත්න, පෞද්ගලික බස් සංගම්
- 0 Comments
ලබන 6 වැනි දිනට පෙර වැඩි කිරීමට එකඟ වූ බස් ගාස්තු ප්‍රකාශයට පත් කරන ලෙස පෞද්ගලික බස් සංගම් රජයෙන් ඉල්ලා සිටී.
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ ඒ පිළිබඳව ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිඛිතව දැනුම් දී ඇති බවය.
ඒ සම්බන්ධයෙන් පෞද්ගලික ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් වික්ටර් සමරවීරගෙන් අප විමසීමක් කළේය. ඔහු පැවසුවේ ඒ සඳහා වූ වැඩපිළිවෙල මේ වනවිට සකස්කෙරෙමින් පවතින බවය.