ලබන සඳුදා සිට ඔන්ලයින් අධ්‍යාපනය නැවැත්වීමට‘ ගුරු සංගම් තීරණය කරයි

Spread the love

ලබන සඳුදා(12) සිට ඔන්ලයින් අධ්‍යාපනය ලබාදීම නැවැත්වීමට තීරණය කළ බව ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ පවසයි.

කොතලාවල විශ්ව විද්‍යාල පනතට එරෙහිව උද්ඝෝෂණ ව්‍යාපාරයක දී ලංකා ගුරු සංගමයේ මහ ලේකම් ජෝෂප් ස්ටාලින් ඇතුළු 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන බලහත්කාරයෙන් නිරෝධායනට යොමු කිරීමට විරෝධය පල කරමින් සහ ඔන්ලයින් අධ්‍යාපනය ලබාදීමෙදී ගුරුවරුන් මුහුණ දෙන ගැටලු වලට පිළියම් යොදන ලෙස බලකරමින් එළඹෙන සඳුදා සිට ඔන්ලයින් අධ්‍යාපන වැඩසටහනින් ඉවත් වීමට සියලුම ගුරු සංගම් තීරණය කළ බවයි ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ පවසන්නේ.

“බලහත්කාරයෙන් නිරෝධායනයට යොමුකර වෘත්තීය සමිති වල බලය හැල්ලු කිරීමට ආණ්ඩුව හිතනවා නම් එය මුලාවක් පමණයි. ඔන්ලයින් ඉගැන්විමේදි ගුරුවරුන් මුහුණ දෙන ගැටලු ගැන කිහිප වතාවක් බලධාරින් දැනුවත් කලත් කිසිදු සාධනීය පිළිතුරක් ලැබුනේ නැ.” මහින්ද ජයසිංහ වැඩිදුරටත් පැවසුවේය.

මේ අතර බොහෝ දෙනකු පවසන්නේ වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු පාර්ශ්ව තම වෘත්තීය සමිති බලය භාවිතා කරමින් අසීමිත වරප්‍රසාද හා පහසුකම් ලබද්දී ගුරුවරුන්ට මුහුණ දීමට ඇති තත්ත්වය කනගාටුදායක බවයි.

‘වෛද්‍යවරුන් කොවිඩ් නිසා රුපියල් 75,000කින් වැටුප වැඩිකර ගත්තා, හෙදියන්ට 7500ක් ලැබුණා. ඒ වගේම ඔවුන් අසීමිත වරප්‍රසාද ලබනවා. රෝහල් ඔවුන්ගේ නින්දගම් වාගේ. ඒක පැහැදිලි තත්ත්වයක්. ලංකාවේ රෝහල් තියෙන්නේ ඔවුන්ට වැටුප් ගන්න, වරප්‍රසාද ලබන්න මිස රෝගීන්ට ප්‍රතිකාර ලබන්න නොවෙයි. ඒත් ගුරුවරුන්ගේ තත්ත්වය කුමක්ද ?‘ අප සමග අදහස් දැක්වූ බොහෝ දෙනෙක් සදහන් කළා.

Related Posts