රුසියාවේ ජාතික දිනය වෙනුවෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් රුසියානු රජයට සහ රුසියානු ජනතාවට සුබ පැතුම් එක් කළේය. මෙම සුබ පැතුම් ට්විටර් පණිවිඩයක් මගින් රුසියානු විදේශ කටයුතු අමාත්‍ය සර්ජි ලැව්රොව් වෙත දැනුම් දෙන ලදී.

එම ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් දැක්වෙන්නේ දෙරටේ විශේෂ වරප්‍රසාද ලත් උපායමාර්ගික හවුල්කාරීත්වය ඉදිරියට ගෙන යාමට ගෙනයාමට රුසියානු ජාතික දිනයේ දී ඉන්දියාවේ කැපවීම තහවුරු කරන බවයි.

කොවිඩ්-19 පැවති දුෂ්කර අවදියේ පවා ඉන්දියාව සහ රුසියාව 2+ 2 සංවාදය පවත්වා ඇති බවයි.

එමෙන්ම දෙරට විසින් විසි එක් වැනි වාර්ෂික සමුළුව ද පසුගිය වසරේ සාර්ථකව නිම කරන ලදී.

පසුගිය අප්‍රේල් මස රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් ඉන්දියාවේ සංචාරයක නිරත විය. මෙම රාජ්‍ය තාන්ත්‍රික සංචාරයේදී ඔහු ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද හමුවිය. ඔහුගේ සංචාරය සිදු වූයේ රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම මධ්‍යයේ ය.

එම හමුවේ දී රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් යුක්රේනයේ තත්ත්වය පිළිබඳව ඉන්දීය අගමැති මෝදි දැනුවත් කළේය. මෙම සාකච්ඡාව අතරතුර යුක්රේනයේ ප්‍රචණ්ඩත්වය කඩිනමින් නතර කරන ලෙස ඉන්දීය අගමැති මෝදි ඉල්ලා සිටියේය.සාම ප්‍රයත්නයන් සඳහා ඕනෑම ආකාරයකින් දායක වීමට ඉන්දියාවේ සූදානම ප්‍රකාශ කළ බැව් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසීය.

දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර වසර 75ක් සපිරීම නිමිත්තෙන් රුසියානු තානාපති ඩෙනිස් අලිපොව් රුසියාවේ ඩයිජස්ට් සඟරාවට පැවසුවේ ඉන්දියාව සමග ගෞරවනීය සබඳතා රුසියාව ගැඹුරින් අගය කරන බවයි. තවද උපාය මාර්ගික හවුල් කරුවන් දෙදෙනාගේ සහයෝගීතාවය ලෝකයේ වඩාත් විස්තීරණ එකක් බවත් ඔහු පැවසීය.

එස්-400 ගුවන් ආරක්ෂක මිසයිල පද්ධති ඉන්දියාවට ලබා දීම කාලසටහනට අනුව හොඳින් සිදුවෙමින් පවතින බව ද ඔහු පැවසීය.අපගේ සහයෝගීතාවය ගෝලීය සාමය, ස්ථාවරත්වය සහ තිරසාර සංවර්ධනය සඳහා නිර්වචන සාධකයේ කාර්යභාරය ඉටු කරයි,යැයි ”රුසියානු තානාපතිවරයා පැවසීය.

ඉන්දියාව සහ රුසියාව අතර ද්විපාර්ශික සබඳතාවල දිශානතිය පිළිබඳ විශ්වාසයක් තබාගත හැකි බවත් මිත්‍ර ජාතීන් දෙදෙනාගේ රටේ ජනතාවගේ ප්‍රයෝජනය සඳහා ඔවුන්ගේ හැකියාවන් උපයෝගී කරගනිමින් සහ නව ක්ෂිතිජයන් ගවේෂණය කරමින් ඉදිරියට යාමට සූදානම්ව සිටිමු යැයි රුසියානු තානාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්