රාජපක්ෂ රජය ජපන් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නැවැත්වීම පිටුපස ඇති රහස් ජපන් මාධ්‍ය හෙලිකරයි (වීඩියෝ)

Spread the love

ශ්‍රී ලංකාවේ ප්‍රවාහන තදබදයට විසඳුම් ලෙස කොළඹ හා තදාසන්න නගර කේන්ද්‍ර කරගනිමින් ජපාන රජයේ මූල්‍ය ආයෝජනයන් මත ද්වීපාර්ශවික ගිවිසුමක් යටතේ අරඹා තිබූ කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය වත්මන් රජය විසින් පසුගියදා ඒකපාර්ශවිකව අවලංගු කර දමන ලදී. මෙය ජාත්‍යන්තර වෙළඳ සහ ආයෝජන සබඳතාවන්ට මුළුමනින්ම පටහැනි පහත් පෙළේ ක්‍රියාවලියක් වන අතර මේ හේතුවෙන් ජපන්-ශ්‍රී ලංකා ඓතිහාසික මිතුදමට දැඩි බලපෑමක් මේ වන විටත් එල්ල වී හමාරය. එය ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයින්ටත්, ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයින් ඇතුළු ජනතාවටත්, රටේ ඉදිරි අනාගතයත් බලපෑමක් වනු නොඅනුමානය.

කොළඹ ඇතුළු ප්‍රධාන තදාසන්න නගර ගණනාවක් සඳහා ඉතා අවම කාලයකින් සහ අවම මුදලකින් තම ප්‍රවාහන අවශ්‍යතාවය සපුරා ගැනීම වෙනුවෙන් විශේෂ අධ්‍යනයකින් අනතුරුව සැලසුම් කළ මෙම ව්‍යාපෘතිය සැලකිය යුතු කරුණු දැක්වීමකින් තොරව පිළිගත් ආචාරධර්ම, සම්ප්‍රදායන් උල්ලංඝනය කරමින් වත්මන් රාජපක්ෂවරුන්ගේ රජය එකවරම නවතා දැමීය. එය එම ව්‍යාපෘතිය භාර සමාගම සහ ජපන් රජය පවා දැනගෙන ඇත්තේ මාධ්‍ය මඟින් බව මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනය වාර්තාවක් ඉදිරිපත් කළ ජපාන මාධ්‍යයක් පෙන්වාදෙයි.

වත්මන් රජය නවතා දැමූ මෙම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ජපන්යෙන් බිලියන 250ක් බව සඳහන්. මේ සම්බන්ධයෙන් සිංහල බසින් ජපානයේ සිට ක්‍රියාත්මක යූ ටියුබ් චැනලයක් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අහෝසි කිරීම සහ ජපානයේ සහ ලංකාවේ මිත්‍රත්වය කොයි දෙසට ගමන් කරයිද යන්න සම්බන්ධයෙන් ජපානයේ රූපවාහිනි චැනලයක් විසින් විකාශය කළ වැඩ සටහනක් සිය යූ ටියුබ් චැනලයට එක් කර තිබුණා. එම වාර්තාමය වැඩසටහන පහත දැක්වේ.

RSL

Related Posts