රනිල්ගේ ප්‍රධානත්වයෙන් කරූගේ වෙබ් අඩවිය විවෘත වේ

Spread the love

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක කරූ ජයසූරිය මහතාගේ නිල වෙබ් අඩවිය විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(06) විවෘත විය.

එහිදී අදහස් දැක්වූ කරූ ජයසූරිය මහතා පවසා සිටියේ අතීතයේ ශ්‍රී ලංකාවේ තිබූ ශ්‍රී විභූතිය මෙන්ම නීතිය, සාධාරණත්වය රජයන සමාජයක් ස්ථාපිත කිරීමට වෙහෙසීම සැමගේ යුතුකමක් බවයි.

එමෙන්ම මියයාමට පෙර තමාගේ ඒකායන බලාපොරොත්තුව වන්නේ එවන් වටපිටාවක් ඇති සමාජයක් එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ ඇතිකිරීම බවත් විපක්ෂයේ සියළුදෙනා එකාවන්ව එක්සත්ව නව යුගයක් කරායාමට එක්සත් ජාතික පක්ෂ රජයක් පිහිටුවීමට අධිෂ්ඨාන කරගත යුතු බවත් ජයසූරිය මහතා පැවසීය.

RSL

Related Posts