රන්ජන්ට පාර්ලිමේන්තු එන්න හරීන් මන්ත‍්‍රීකමෙන් අස්වෙයි..? කළු සාකටයත් ගලවයි…

Spread the love

හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ජනාධිපති සමාව යටතේ නිදහස් කළහොත් තමන් තම ජාතික ලයිස්තු මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වී ඔහු වෙනුවෙන් පරිත්‍යාග කරන බව හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පසුගිය දා ප්‍රකාශ කරන ලදී.

ඒ රන්ජන් රාමනායක මහතාට ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන් ජනාධිපති සමාව ඉල්ලා සිටි අවස්ථාවේදී ය.

නමුත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති සමාව යටතේ නිදහස් වී ඇති රංජන් රාමනායක මහතා වෙනුවෙන් ඔහු තම මන්ත්‍රී අසුන පරිත්‍යාග නොකරනු ඇති බවද වාර්තා වෙයි.

රංජන් රාමනායක මහතා නිදහස් වන තුරු තමන් කළු සාටකයක් පළඳින බවට හරීන් ප්‍රනාන්දු මහතා කලකට පෙර සඳහන් කළ ද එම සාටකය ඊට ටික දිනක සිට ඔහු පැළඳීම සිදුකලේ නැත.

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරන්නේ තම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරවලින් එකක් පුරප්පාඩු වන පළමු අවස්ථාවේම ඒ සඳහා රංජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයා පත් කරන බවයි.

RSL

Related Posts