ඉන්දියාව ප්‍රථම වතාවට යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් මොස්කව් වෙත ප්‍රබලම විවේචනයක් ඉදිරිපත් කළේය. යුක්රේන ගැටුමේ ගමන්මග සමස්ත ජාත්‍යන්තර ප්‍රජාවගේම දැඩි කනස්සල්ලට කරුණක්” බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් ප්‍රකාශ කළේය. ඔහු මේ බව පැවසූයේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමේදී සිය ප්‍රකාශය ඉදිරිපත් කරමින් ය.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් විසින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් න්‍යෂ්ටික විකල්පය පිලිබඳ කරන ලද තර්ජනය පිලිබඳව කනස්සල්ල පළ කළේය.ඔහු වැඩිදුරටත් පැවසුවේ අනාගතයේ අවිනිශ්චිතතා වලට න්‍යෂ්ටික අභියෝගය නිසා මුහුණ දීමට සිදු විය හැකි බවයි.

ගෝලීයකරණය වූ ලෝකයක ගැටුමක බලපෑම එහි පාර්ශවකරුවන්ට පමණක් නොව කලාපයේ අනෙකුත් රාජ්‍යයන්ට ද එහි බලපෑමෙන් මිදිය නොහැකි බව ඔහු අවධාරණය කළේය. ඉහළ යන පිරිවැය සහ ආහාර ධාන්‍ය, පොහොර සහ ඉන්ධනවල සැබෑ හිඟය අනුව එහි ප්‍රතිවිපාක ලෝකයේ සියලුම රටවල් වර්තමානයේදී අත්විඳිමින් සිටින බව ඔහු පැවසීය.

“මෙය යුද්ධයේ යුගයක් විය නොහැක” යන අගමැති නරේන්ද්‍ර මෝදිගේ ප්‍රකාශය ඉස්මතු කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් කරුණු ගෙනහැර දැක්වීය.

සංවර්ධනය වෙමින් පවතින රටවල් යුක්රේන අර්බුදය හේතුවෙන් ගැටළු සහ අර්බුද රාශියකට මුහුණ දෙමින් සිටින බව ජයිශංකර් පැවසුවේය. ගෝලීය ආර්ථිකය පීඩනයට පත්ව තිබෙන කලාපයක අර්බුද උත්සන්න වන ආකාරයේ කිසිදු ක්‍රියාමාර්ගයක් සඳහා මුල පිරිය නොයුතු බව ඔහු අවධාරණය කළේය. සියලු ආකාරයේ සතුරුකම් වහාම නතරකර සංවාදයේ සහ රාජ්‍යතාන්ත්‍රික භාවයේ මාවතට පැමිණීමේ අවශ්‍යතාවය ඉන්දියාව අවධාරණය කළේය.

ඉන්දියාව විසින් ආර්ථික දුෂ්කරතාවලට ලක්ව සිටින මානුෂීය ආධාර සහ ආර්ථික ආධාර ප්‍රදානය කරනුයේ යුද්ධය සහ එහි ප්‍රතිඵලයක් ලෙස ඇති වූ අර්බුදය හේතුවෙන් බව ජයශංකර් පැවසීය.

යුද්ධයෙන් පීඩාවට පත් යුක්රේනයේ සිවිල් වැසියන් ඝාතනය කිරීම් සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ වාර්තා වී ඇති සිද්ධීන් පිළිබඳව කිසිදු ප්‍රකාශයක් සිදුනොකළ නමුත් ඔහු පෙන්වා දුන්නේ ගැටුම්කාරී තත්ත්වයන් තුළ පවා මානව හිමිකම් හෝ ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම සාධාරණීකරණය කළ නොහැකි බව ය.

බුචාවේ ඝාතන සම්බන්ධයෙන් ඉන්දියාවේ ස්ථාවරය වනුයේ ස්වාධීනව විමර්ශනය කිරීම අත්‍යවශ්‍ය වන බවයි.

‘තාක්ෂණික රඳවා ගැනීමේ’ කඩතුරාව යටතේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදී පාකිස්තානය පදනම් කරගත් ත්‍රස්තවාදීන් ලැයිස්තුගත කිරීම අවහිර කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ද චීනය වෙත ද සිය විවේචන ඉදිරිපත් කළේය.

දණ්ඩමුක්තියට එරෙහි සටන සාමය සහ යුක්තිය සුරක්ෂිත කිරීමේ විශාල ප්‍රයත්නයක් සඳහා ඉතා වැදගත් වේ. ආරක්ෂක කවුන්සිලය මෙම කරුණ සම්බන්ධයෙන් නිසැක පණිවිඩයක් යැවිය යුතු බව ඔහු පැවසීය. වගවීම මග හැරීමට කිසිවිටෙක ආවරණයක් නොදිය යුතුය යැයි ”ජයිශංකර් පැවසීය.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්