යාපනය අර්ධද්වීපයේ පාසල් දැරියන් තිදෙනෙකු අතුරුදහන්
- RSL
- August 30, 2011
- Uncategorized
- යාපනය
- 0 Comments
යාපනය අර්ධද්වීපයේ පාසල් දැරියන් තිදෙනෙකු අතුරුදහන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම දැරියන්ගේ දෙමාපියන් විසින් යාපනය පොලිසියට පැමිණිලිකර ඇතැයි වාර්තා වේ.
මෙසේ අතුරුදහන්වී ඇත්තේ මනිපායි ප‍්‍රදේශයේ පදිංචිව සිටි එස්.රෝෂිනී නැමැති 17 හැවිරිදි සිසුවියක් ද උඩුපිටි කාන්තා විදුහලේ 8 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන කනගලිංගම් ලැසිකා හා බාරිදීපුරම් ප‍්‍රදේශයේ පදිංචිව සිටි සය හැවිරිදි වේලන් වේලිනිකා නැමැති සිසුවියන් තිදෙනෙකි.
මේ දිනවල යාපනය දිස්ති‍්‍රක්කයේ පාසල් සිසුවියන් අතුරුදහන්වීමේ ප‍්‍රවනතාවක් ඇතැයි ද මේ අතර වාර්තා වේ.