‘යහපාලන ඇති කිරීමට බලපෑම් කරන්න’, භාරතගේ සොයුරා පොදු රාජ්‍ය මණ්ඩලයට ලියයි
- RSL
- October 31, 2011
- Uncategorized
- 0 Comments
ශී‍්‍ර ලංකාවේ යහපාලනය ස්ථාපිත කිරීමට මැදිහත් වන්නැයි ඝාතනයට ලක්වූ ජනාධිපති උපදේශක භාරත ලක්‍ෂමන් පේ‍්‍රමචන්ද්‍රගේ සොහොයුරු අසේල පේ‍්‍රමචන්ද්‍ර මහතා පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම් කමලේෂ් ශර්මා වෙත ලිපියක් යවමින් ඉල්ලා සිටී.
පොදුරාජ්‍ය මණ්ඩලයේ ප‍්‍රධාන අරමුණු දෙකක් වන්නේ, යහපාලනය සහතික කිරීම හා මානව හිමිකම් සුරැුකීමට සහාය වීම බව අසේල පේ‍්‍රමචන්ද්‍ර මහතා එමඟින් කියා සිටී.
ශී‍්‍ර ලංකා රජය එම අරමුණු දෙක සාක්‍ෂාත් කරගැනීමට තබා ඒ සම්බන්ධයෙන් උත්සාහයක් හෝ දරා නොමැති බව ඔහුගේ ලිපියේ දැක්වේ.